පැල්වත්ත කිරි සමාගමේ නිෂ්පාදනවල අඩුවක් නැතැයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සුසන්ත මල්වත්ත මහතා පවසයි.
දෙසැම්බර්,මාර්තු කාලයේ දී සාමාන්‍ය ලෙස කිරි නිෂ්පාදනයේ අඩුවක් පවතින බවත් වැඩිපුර කිරි ලැබෙන්නේ මැයි, ජුනි සිට ඔක්තෝම්බර් දක්වාය.
කෙසේ වුවත් වෙළෙදපළේ පැල්වත්ත කිරිපිටි නොමැති බවට ජනතාව චෝදනා කරන අතර වෙළඳුන් පවසනුයේ මේ දිනවල පැල්වත්ත කිරි නිෂ්පාදන සඳහා පවතින අධික ඉල්ලුම හේතුවෙන් මෙම හිඟය ඇති වී තිබෙන බවය.