පිට පළාත් වලින් යන කොල්ලන් වසඟ කර ගත් නුවර කලාවියේ කෙල්ලන් ගේ “සුළු දිය” ඉනා මැල්ලුම

wela wal katha sex

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් නුවර කලාවියේ තරුණියන් කෙරෙහි තරුණයන් වසඟ කරගත හැකි විස්මිත පළා මැල්ලුමක් පිළිබඳව මට දැනගන්නට ලැබී දැන් බොහෝ කලකි. එනිසා අනුරාධපුර ගිය අවස්ථාවක මගේ මිතුරෙකු වන අනුරාධපුර නිවන්තක චේතිය විද්‍යාලයේ එවක විදුහල්පති සෝමානන්ද කටුගම්පල මහතාගෙන් ඒ පිළිබඳව විමසීමට මම අමතක නොකළෙමි.

මුත්‍රා හැඳින්වීම පිණිස සිංහලයෙන් යෙදෙන සුළු දිය යන වදන පසුව සුලිජ්ජ, සුලිජ්ජ සුලු දිය යනුවෙන් පරිණාමය වී   අද වන විට එය ….ජ්ජ ලෙස ගැමි ව්‍යවහාරයට පැමිණ තිබේ.

සෝමානන්ද කටුගම්පල

“ඔය අර සුළු දිය මැල්ලුම ගැන නේද අහන්නේ? කොහොමද අනේ ඕවා ගැන දැනගත්තේ?”
ඊට පිළිතුරු දෙනු වෙනුවට ඔහු මහ හඬ නගා සිනාසෙමින් මගෙන් ඇසීය. මුත්‍රා හැඳින්වීම පිණිස සිංහලයෙන් යෙදෙන සුළු දිය යන වදන පසුව සුලිජ්ජ, සුලිජ්ජ සුලු දිය යනුවෙන් පරිණාමය වී   අද වන විට එය ….ජ්ජ ලෙස ගැමි ව්‍යවහාරයට පැමිණ තිබේ.
“ඕක මෙහෙමයි, ඉස්සර මේ රජරට වැව් ගම්මානවල තිස් බඹේ කියලා කොටසත් තිබුණා. ඒක තිබුණේ ගම් ගොඩයි මහ මූකලානයි වෙන් වෙන සීමාව හැටියට. ඉස්සර මේ ගම්වල මිනිස්සු තමන්ගේ හරකා-බාන ගාල් කළේ,ගෙවතු වගා වැඩ කළේ ඔය තිස් බඹේ කියන සීමාව ඇතුළේ. නමුත් එළිපහලියට ගියේ නම් ඒකෙන් එහා ළඳු කැලෑවට. මොකද ඔය තිස් බඹේ ආහාර බෝග එහෙම වගා කරන හින්දා. ගොම පෝර, ගව මුත්‍රා එහෙම නිතරම පසට කවලම් වෙන හින්දා ඔය තිස් බඹේ කූර වගේ මැල්ලුමට ගන්න කොළ ජාති බොහොම සරුවට වැවුණා. නමුත් ඒ කාලේ ළමිස්සියෝ රෑ බෝ වුණාට පස්සේ එළිපහලියට ගියෙත් ඔය තිස් බඹේ ඇතුළෙම තමයි. මොකද ඒක එක විදිහක ආරක්ෂක කලාපයක් වුණු හින්දා. ඇත්තෙන්ම ඒ කාලේ ගමේ ළමිස්සියෙකුට ගමේ කිසිම කෙනෙක් අතවර කළේ නැහැ. නමුත් ඔය යක්කු,පෙරේතයෝ ගැන විශ්වාස ඕනවටත් වඩා තිබුණනේ.”

කටුගම්පල මහතා කීය. ඔහු වැඩිදුරටත් කී අන්දමට එක්දහස් නවසිය තිස් ගණන්වල ඇරඹි පදවිය යෝජනා ක්‍රමය ඇතුළු රජරට පැරණි වාරි යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණ  ව්‍යාපෘති වල සේවය සඳහා පිට පළාත්වල තරුණ බොහෝ පිරිස් උතුරුමැද පළාතට සේන්දු වී තිබේ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු නතර වී ඇත්තේ එහි පාරම්පරික ගැමි නිවෙස්වල ය. පසුව එම තරුණයන්ගෙන් වැඩි පිරිසක් එම නිවෙස්වල සිටි තරුණියන් විවාහ කරගෙන එහිම ‘බින්න බැස’ තිබේ. එසේ තරුණයන් එක් අයෙකු දෙදෙනෙකු නොව සිය ගණන් ‘රැල්ලට’ මෙන් එහි තරුණියන් විවාහ කරගැනීම මත කටුගම්පල මහතා කී “සුළු දිය ඉනා මැල්ලුමේ”කතාව පසුව පිට පළාත්වල ද ප්‍රසිද්ධ වී ඇත.

ඔය කූර කොළ මැල්ලුමේ කතාව මෙහේ වැඩි දෙනෙක් දන්නවා. හැබැයි මම අහලා තියෙන විදිහට නම් පිරිමින්ට එහෙම නිකම් කූර කොළ මැල්ලුම් කවලා හරියන්නේ නැහැ. ඒකට මොකක් හරි ජීවමකුත් කරන්න ඕනේ. ඒ ගැනත් ටිකක් හොයලා බලන්න.”බස්නායක මහත්මිය කීවා ය.

ශීලා බස්නායක

“මම අහලා තියෙන හැටියට ඔය කතාවෙන් කියැවෙන්නේ ඒ ගෙවල්වල ළමිස්සියෝ රෑට එළිපහලියට ගිය තිස් බඹේ වැවෙන කූර කොළ මැල්ලුම් හදලා දුන්නාම ඒවා කාපු පිට පළාත්වල ඉලන්දාරි ඒ ළමිස්සියන්ට වසඟ වෙනවා කියලා. පස්සේ එහෙම දීග දීගන්න බැරි ළමිස්සියන්ගේ අම්මලා සැලසුම් සහගතවම ඒ කූර කොළ මැල්ලුම් හදලා ඒ ඉලන්දාරීන්ට දුන්නා කියලත් කතා පැතිරුණා. ඒත් මම නම් හිතන්නේ ඒක මේ පළාතේ ගෑනු ළමයි පිට පළාත්වල ඉලන්දාරීන් කසාද බැඳීම මුල්කරගෙන පස්සේ ගොඩනැගුණු උපහාසාත්මක  ප්‍රවාදයක් කියලයි.” මගේ හිතවතා වැඩිදුරටත් කීය.
මෙම වශීකාරක කූර කොළ මැල්ලුමේ කතාව යන්තම් අතනින් මෙතැනින් ඇසී නැසී ගිය එකක් දැයි තහවුරු කරගනු පිණිස පසුව මම අනුරාධපුර ප්‍රාදේශීය මාධ්‍යවේදිනී ශීලා බස්නායක මහත්මියගෙන්ද අසා සිටියෙමි.
“අපොයි ඕක කවුද නොදන්නේ? හයක්, හතරක්, ගමක්, රටක් ගැන නොදන්න ඔය කීප දෙනෙක් හැරුණම ඔය කූර කොළ මැල්ලුමේ කතාව මෙහේ වැඩි දෙනෙක් දන්නවා. හැබැයි මම අහලා තියෙන විදිහට නම් පිරිමින්ට එහෙම නිකම් කූර කොළ මැල්ලුම් කවලා හරියන්නේ නැහැ. ඒකට මොකක් හරි ජීවමකුත් කරන්න ඕනේ. ඒ ගැනත් ටිකක් හොයලා බලන්න.”බස්නායක මහත්මිය කීවා ය.

අවසානයේ මම මේ කූර කොළ මැල්ලුමේ සුලමුල පිළිබඳව වැඩිදුර විමසන මෙන් අනුරාධපුර රුවන්වැලි මහ සෑ විහාරයේ හිටපු කැපකරුවෙකු වන මුතුබණ්ඩා දසනායක මහතාට කීවෙමි.

ඩබ්ලියු.පී. ධනවතී

“වැඩේ කියන්නෙ මේ පැත්තේ හුඟක් ගෑනු අය ඔය ගැන මතක් කරනවටවත් කැමැති නෑ. හැමෝම කියන්නේ අපි ඔය මනස්ගාත ගැන දන්නෙත් නෑ ඕවා  පිළිගන්නෙත් නැහැ කියලා. ඒත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩ කරපු‘ධනා’ කියලා නංගි කෙනෙක් නම් ඔය ගැන වැඩි විස්තර කියන්න කැමතියි.මොකද එයා මේ පැත්තේ හුඟක් ගෑනු අයට වඩා අලුත් විදිහට හිතන්න පුළුවන් කෙනෙක්.”
ඊට සති කිහිපයකට පසු දුරකතනයෙන් මා ඇමතූ දසනායක මහතා කීය. ඒ අනුව මම ඊට ආසන්නතම දිනයෙක දසනායක මහතා ද සමඟ අනුරාධපුර ගල්කඩවල පිහිටි පැරණි වැව් ගම්මානයක් වන කරඹෑවට ගොස් එහිදී  ‘ධනා’ හෙවත් ඩබ්ලියු.පී. ධනවතී මහත්මිය හමුවීමි. අසරණ සතුන් කෙරෙහි අසීමාන්තික දයාවක් පළකරන ඇය තමන් රැකියාවට යන විට ගෙන යන බත් මුල අභයගිරි ව්‍යාපෘතිය අවට සාගින්දරෙන් පෙළෙන අසරණ සුනඛයන්ට බෙදා දී කුසගින්නේ සිටි බව ද ප්‍රසිද්ධ රහසකි.

දින කිහිපයක් මුත්‍රා වියළා ගැනුණු හට්ටිය පතුලේ එම මුත්‍රාවල තිබූ ලවණ ක්ෂාරය එක්වී ඇති  අතර ඒවා සූරාගෙන කරනු ලබන යම් ජීවමකින් පසු ඒ ලවණ ක්ෂාරය ලුණු වශයෙන් භාවිතා කොට කූර කොළ මැල්ලුමක් තනාගත යුතු ය. එසේ නොමැති නම් පිසිනු ලබන වෙනත් මැල්ලුමකට ඒ මැල්ලුම් ස්වල්පයක් මුසු කිරීමට ද පුළුවන.
“හැබැයි ඉතින් කවුරුහරි ඉලන්දාරියෙක් ඔය කූර කොළ මැල්ලුම කෑවොත් වරු තුනෙන් ඒ ළමිස්සි පස්සේ බල්ලෙක් වගේ දැවටෙන්න පටන් ගන්නවා කියලයි ඉස්සර මිනිස්සු කිව්වේ.

මුතුබණ්ඩා දසනායක

“අපේ අම්මලා කියලා තියෙන විදිහට ඔය කූර කොළ මැල්ලුමේ ගුරුකම නීච බන්ධනයක්. මේ පළාත්වල ගොවිතැන් බත් කරපු කිසිම කෙනෙක් නොකරපු  ඔය බන්ධනය ගැන තියෙන්නේ කටකතා හැටියට විතරයි.” ඇය කී අතර එය ඇගේ ප්‍රකාශයක් ලෙසින් ඡායාරූපයක් ද සමඟ මාධ්‍යයට යොමු කරන්න දැයි මම ‘ධනා’ මහත්මියගෙන් ඇසීමි. “අපොයි කමක් නෑ දාන්න.” එවිට ධනා මහත්මිය දුන් ‘ධනාත්මක’ පිළිතුර එය විය.
ධනා මහත්මිය කී අන්දමට එම ගුරුකම සඳහා එම බන්ධනය සිදුකරන යුවතියගේ මුත්‍රා දින කිහිපයක් නැවුම් හට්ටියකට එක්කරගත යුතුය. නමුදු ඒවා පල් නොවන සේ තද අව්වේ වියළා ගැනීම ද අනිවාර්යය වෙයි. මෙසේ දින කිහිපයක් මුත්‍රා වියළා ගැනුණු හට්ටිය පතුලේ එම මුත්‍රාවල තිබූ ලවණ ක්ෂාරය එක්වී ඇති  අතර ඒවා සූරාගෙන කරනු ලබන යම් ජීවමකින් පසු ඒ ලවණ ක්ෂාරය ලුණු වශයෙන් භාවිතා කොට කූර කොළ මැල්ලුමක් තනාගත යුතු ය. එසේ නොමැති නම් පිසිනු ලබන වෙනත් මැල්ලුමකට ඒ මැල්ලුම් ස්වල්පයක් මුසු කිරීමට ද පුළුවන.
“හැබැයි ඉතින් කවුරුහරි ඉලන්දාරියෙක් ඔය කූර කොළ මැල්ලුම කෑවොත් වරු තුනෙන් ඒ ළමිස්සි පස්සේ බල්ලෙක් වගේ දැවටෙන්න පටන් ගන්නවා කියලයි ඉස්සර මිනිස්සු කිව්වේ. නමුත් ඉතින් ඒ විදිහ ‘බලුවෙලා’ මෙහේ ගෑනු ළමයි කසාද බැඳගත්තු පිරිමියෙක් ගැන අපි නම් උපන්තේකට අහලා නැහැ.” ධනා මහත්මිය සිනාසෙමින් කීවා ය.

“ඔය කතන්දරේ තියෙන ලිංගික කුතුහලය හින්දා තමයි අර වගේ කට කතාවක් පැතිරිලා යන්න ඇත්තේ. කෙහොමහරි ඉතින් මේ සමාජයේ පැතිරිලා තිබුණු ඔය වගේ කයි කතන්දරත් කොහේ හරි ලියවෙනවා නම් හොඳයි තමා එක අතකට.” ධනා මහත්මිය හමුවී ආපසු එන අතරේදී මුතුබණ්ඩා දසනායක මහතා කීය.

තිලක් සේනාසිංහ

අරුමැසි පුවත්