පිට සක්වල ජීවීන්ට අපේ රටටත් ගොඩ බහින්න පුළුවන් ද? විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

Aliens 2042 imdb rating Aliens 2042 imdb wikipedia Aliens 2042 imdb release date aliens 2042 movie aliens 2042 2023 movie

සමස්ත ලෝකයේම,අවධානයට යොමු වෙමින් පසුගිය 13 වන දා මෙක්සිකෝ රජය පිටසක්වල ජීවීන්ගේ යැයි, සැක කරන පාෂාණභූත මළ සිරුරු දෙකක් ප්‍රදර්ශනය කර තිබේ. එරට මාධ්‍ය වාර්තා කළේ, මළ සිරුරු දෙක වසර දහසක් පැරණි යැයි විශ්වාස කරන බවකි. පේරු හි, කුස්කෝ ප්‍රදේශයෙන් මෙම පිටසක්වල මළ සිරුරු දෙක ලබා ගෙන ඇතැයි සැලකේ. නමුත් හඳුනා නොගත් විෂම සංසිද්ධි (Unidentified Anomalous Phenomena ) පිළිබඳව නාසා ආයතනය ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවට අනුව එදා මෙදා තුර කිසිම දිනයෙක පිටසක්වල ජීවීන්ගේ පැවැත්ම පිළිබඳ කිසිදු සාක්ෂියක් ඔවුන්ට හමු වී නැත. එමඟින් තවදුරටත් ප්‍රකාශ වී තිබුණේ පිටසක්වල ජීවීන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් ලෝකයා අපේක්ෂා කරන අන්දමේ නිශ්චිත පිළිතුරක් සැපයීමට නාසා ආයතනය තවමත් අපොහොසත් වන බවකි.කෙසේ වෙතත් හඳුනා නොගත් විෂම සංසිද්ධි ලෙස හඳුන්වන මෙම අද්භූත සංසිද්ධීන් විමර්ශනය කිරීමට නව තාක්ෂණය සහ කෘතිම බුද්ධිය භාවිතා කිරීමට සැලසුම් කර ඇති බව නාසා ආයතනය විසින් නිකුත් කළ වාර්තාවක් මඟින් පෙන්වා දී තිබේ.

Aliens 2042 imdb rating Aliens 2042 imdb wikipedia Aliens 2042 imdb release date aliens 2042 movie aliens 2042 2023 movie

මිහිතලයෙන් බැහැර ජීවීන් ඉන්නම බැරිද?

මේ මිහිතලයෙන් බැහැර වෙනත් ස්ථානවල විවිධ ජීවීන් ඇතැයි යන විශ්වාසය මානව ඉතිහාසයේ දුරාතීතය දක්වා දිවයන්නකි. පසුව මිනිස් බුද්ධි පරිනාමයේ විවිධ යුගවලදී එසේ උපකල්පනය කරන පෘථිවි තලයෙන් බැහැර ජීවීන්ට වෙනම රූපකායන් සහ ඔවුන් වාසය කරන බව පැවසෙන කල්පිත ස්ථාන ද මිනිසා විසින්ම නම් කරන ලදී. ස්වර්ගය,දිව්‍යලෝක, සුරංගනා ලෝක ආදිය සහ ඒවායේ වෙසෙන බව පැවසෙන මානව රූප කේන්ද්‍ර කරගත් එහෙත්,සුවිශේෂ ලක්ෂණ සහිත දෙවිවරුන් සුරංගනාවන් ආදීන් පිළිබඳ විශ්වාස ලොව සෑම මිනිස් ජන කොටසක් තුළින්ම මතු වූයේ එහි ප්‍රතිඵලයක් සමඟිනි. පසුව මෙම ජන විශ්වාස වලින් කොටසක් ආගමික සාහිත්‍යාංගයන් ලෙසින් හා තවත් කොටසක් දේව කතා, සුරංගනා කතා ආදී රසාස්වාදනය පිණිස වූ ප්‍රවාද හා සාහිත්‍යාංගයන් ලෙසින් සමාජ ගත විය.නමුත් ලෝකයේ විද්‍යාත්මක දියුණුව මත පදනම් වූ තාරුකා විද්‍යාව ( Astronomy )මගින් සෞර්ය ග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක සහ සෞර්ය ග්‍රහ මණ්ඩලය වැනි වෙනත් තාරුකා මණ්ඩල හඳුනා ගැනීමත් සමඟ ඒවායේ වෙනයම් ජීවී කොටස් සිටිය නොහැකිද? යන අතිශය සාධාරණ තර්කය මිනිස් මනැසේ ගොඩනැගිණ. විශේෂයෙන් අප ජීවත් වන පෘථිවි තලයේ මෙන් වෙනත් ග්‍රහලෝක වල ද ජෛවමය සාධක ඒකරාශී වී තිබේ නම් ඒවායේ ද ජීවීන් සිටිය යුතුය යන තාර්කික සිතුවිල්ල මිනිස් මනැසේ රෝපණය විය.

පිටසක්වල ජීවීන් මිනිසාට අනුරූප විය යුතුමද?

Aliens 2042 imdb rating Aliens 2042 imdb wikipedia Aliens 2042 imdb release date aliens 2042 movie aliens 2042 2023 movie

එහෙත්, එසේ පිට සක්වල යම් යම් ජීවීන් වාසය කිරීමේ යම් හැකියාවක් පැවතිය ද ඒ ජීවීන් ගේ ස්වභාවයන් පිළිබඳව නිශ්චය කර ගත හැකි විධිමත් මං පෙතක් පෘථිවි වාසීන් තුළ නැත. ඒ අනුව ඔවුන්ගේ අනුමානය වී ඇත්තේ ඒ පිටසක්වල ජීවීන් ගේ රූපකායන් ද මිනිස් රූපකායන්ට යම් තරමකින් හෝ සමාන විය යුතු බව ය. එසේම, ඔවුන් මිනිසාට වඩා කුඩා වාමන ස්වරූපයෙන් ද යුතු විය යුතු බව ය.අද වන විට මෙම පදනම් විරහිත අනුමානය ලොව පුරා ස්ථාපිත වී තිබේ. අප කවුරුත් දන්නා පරිදි අඟහරු ලෝකයේ වාමන රූපී කුරුමිට්ටන් ඇතැයි යන මිථ්‍යා විශ්වාසයේ පදනම එයයි.ශාරීරික වශයෙන් සාමාන්‍ය මිනිසුන්ට වඩා කුඩා වාමන රූපී මිනිස් කොට්ඨාශ මෙලොව ද හිඳින බවට ලොව පුරා පැතිර ගත් ජන විශ්වාසයක් තිබේ. ලෝක ප්‍රකට ගලිවර් ගේ චාරිකා කතා මාලාවේ එන ලිලිපුට් නම් වන වාමන රූපී මිනිසුන්ට සමාන මිනිස් වර්ග ලොව පුරා වෙසෙන බවට ජන විශ්වාස සෑම සමාජයකම පාහේ තිබේ. අප සමාජයේ කලින් කලට මහත් ආන්දෝලනයට ලක් වන ‘නිට්ටෑවන්’ නම් වන කුරු මිනිස් විශේෂය පිළිබඳ විශ්වාසය පිළිගැනීමට සේම බැහැරලීමට නොහැකි මට්ටමක පවතිනුයේ එනිසා ය. අප සමාජයේ අතිශය ප්‍රකට යක්ෂයකු වන ‘රීරි යකා’ ද නූතන මිනුම් වලට අනුව අඩි එක හමාරකට වඩා උස නැති වාමන රූපියකු බව පැවසෙයි.

කුරු මිනිස් භ්‍රාන්ති

මත් පැන් පානයට හුරුවූවන් තුළ ඇතිවන මදිරාබාධය වැනි රෝග තත්වයන් වලදී බහුලව අද්දකින්නට ලැබෙන කුරු මිනිසුන් සහ සතුන් සම්බන්ධ භ්‍රාන්ති (Lilliputian Hallucination ) මැවී පෙනීමේ හැකියාවක් තිබේ. ඉනුදු පැවසෙනුයේ මිනිසා තුළ පවත්නා මානව රූපී වාමනයන් පිළිබඳ විශ්වාසයට මිනිස් මොළය හා සම්බන්ධ ජීව විද්‍යාත්මක පදනමක් ද ඇති බවකි. මේ අතර ඉහත සඳහන් මැක්සිකෝවෙන් ඉදිරිපත් ව ඇති පාෂාණභූත මළ සිරුරු වලට අනුව ද පිටසක්වල ජීවීන් යනු කුරු මිනිස් විශේෂයක් බව මිනිස් මනැසේ ඇති සහජතාව තව දුරටත් තහවුරු කරයි. එමෙන්ම පිටසක්වල ජිවීන් පදනම් කරගත් විද්‍යා ප්‍රබන්ධ සහ එදා මෙදා තුර තිර ගත වී ඇති පනහකටත් වැඩි පිටසක්වල ජීවීන් සම්බන්ධ සිනමා කෘතින් මඟින් ද පිට සක්වල ජීවින් යම් යම් සමාන කම් සහිතව දක්වා තිබේ.ඒ අතුරින් ET චිත්‍රපටය ලෝක අවධානයට ලක් ව තිබේ.E T Extra- Terrestrial යනු 1982 ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන අතර එය ලෝක ප්‍රකට සිනමා කරු ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරන ලද්දකි. එම කතාව ලියා ඇත්තේ මෙලිසා මැතිසන් විසිනි. එය පෘථිවියේ ඉතිරිව සිටින පිටසක්වල ජීවියකු සමඟ මිතුරු වන එලියට් නම් පිරිමි ළමයෙකුගේ කතාවකි.පොදුවේ ගත් කළ එබඳු සියළු නිර්මාණ වලින් පවා පිටසක්වල ජීවීන් යනු හුදෙක් කුරු;නැතහොත් කුඩා මිනිසුන්ය යන පදනම් විරහිත සංකල්පය තව දුරටත් සනාථ කෙරේ. නමුදු පිටසක්වල ජීවීන් කියා කොටසක් සිටිය ද ඔවුන් මානව රූපී දැවැන්තයන් බවට පැතිර ගත් මතයක් ලොව පුරා පැතිර ගොස් නැත.

Aliens 2042 imdb rating Aliens 2042 imdb wikipedia Aliens 2042 imdb release date aliens 2042 movie aliens 2042 2023 movie

පිටසක්වල ජීවීන් පිළිබඳ මෝහය

ඉහත සඳහන් පසුබිම යටතේ අප සමාජයේ සමහරුන් තුළ පිටසක්වල ජීවීන් පිළිබඳ මුල් බැස ගත් විශ්වාසයක් තිබේ. ඒ විශ්වාසය පසෙක තිබියදී ඔවුන්ගෙන් සමහරකු ඒ තම එදිනෙදා කටයුතු සම්බන්ධයෙන් ඒ ඒ විශ්වාසය මනැසට පීඩාකාරී ලෙසින් ආදේශ කර ගනිති. තමන්ගේ ජීවිතයට අහිතකර බලපෑම් එල්ල වන අන්දමට එලෙස විවිධ මෝහ සිතුවිලි සිත තුළ ආරෝපණය වීම මෝහාබාධ (Delusional disorder ) නම් මානසික රෝග ලක්ෂණයක් ද වෙයි. ඒ අනුව මෙම රෝගාබාධ ඛාණ්ඩයේ රෝග වලින් පෙළෙන ඇතැමකු එම රෝග ලක්ෂණ පිටසක්වල ජීවීන් පදනම් කර ගනිමින් මුදා හරිති. කිසිදු භෞතික පදනමකින් තොරව එසේ සිත තුළ හටගන්නා මෝහාබාධ තත්වයන් විස්මයාර්හ මෝහ( Bizarre delusion ) ලෙස අර්ථකථනය කළ හැක. නමුදු ඇතැමුන් මෙම පිටසක්වල ජීවීන් සම්බන්ධ මෝහමය තත්වයන්ට විවිධ ආරෝපණ ලබා දෙනු පෙනෙයි.ඇතැම් විට එය නවීන විද්‍යාව හා සම්බන්ධ කිරීම් ද දක්නට පුළුවන.ඒ අතුරින් පිට සක්වලකින් පැමිණි ජීවීන් මේ වන විටත් අප අතර පැමිණ ක්ලෝනකරණ ක්‍රියාවලියක යෙදෙන්නේය යන බියෙන් සහ චකිතයෙන් පසු වන්නෝ ද විද්‍යා තාක්ෂණික දියුණුවක් ලැබූ ලොව දියුණු රටවල හිඳිති.නමුත් අප රටේ එවැනි විද්‍යා තාක්ෂණික දියුණුවක් නොතිබීම මත එවැනි රෝගීන් හමුවීමේ සම්භාවිතාවක් නැත.

මෙලොවට පැමිණ තම පිටපත් තනන පිට සක්වල ජීවියෝ

ක්ලෝනකරණය යනු ජීවියෙකුගේ ප්‍රචාරණය වන අතර එහි පැවතුම් එහි සමාන හෝ ආසන්න වශයෙන් සමාන පිටපත් නිර්මාණය කිරීමකි. සොබා දහමට අනුව සමහර අවස්ථාවලදී මෙම ක්ලෝනීකරණ ක්‍රියාවලිය ස්වභාවිකව සිදු වේ. නිදසුනක් ලෙස, ක්ලෝන හෙවත් මුල් පිටපතට සමාන පිටපත් බැක්ටීරියා, ඒක සෛලීය ජීවීන් සහ ශාක වල මුල් පිටපතට සමාන පිටපත් නිර්මාණය වේ. මෙම ක්ලෝනකරණ සංසිද්ධිය මෑත වසරවලදී විද්‍යාඥයන් විසින් හොඳින් අවබෝධ කර ප්‍රගුණ කර ඇති අතර, එමඟින් මිනිසුන් ඇතුළු ඕනෑම ජීවියෙකු අවම වශයෙන් ක්ලෝන කිරීමට ;අවම වශයෙන් න්‍යායාත්මකව හෝ තමන්ට හැකි බව ප්‍රකාශ කොට ඇත. මේ සම්බන්ධ පළමු අදහස් 1930 දශකයේ සමාජ ගත වූ මුත් පළමු ක්ලෝනකරණ ලද ක්ෂීරපායී සත්වයා වූ ඩොලි බැටළුවා, 1996 වන තෙක් නිර්මාණය කර ගැනීමට මිනිසාට නොහැකි විය. නමුත් වසර 2000 දී වඳුරෙකු ක්ලෝනකරණ ලදී, පසුව ඌරෙකු, එළදෙනකු, බළලකු, මීයෙකු හාවෙකු, අශ්වයෙකු හා අවසානයේ 2005 දී සුනඛයකු ක්ලෝනකරණ පිටපත් ලෙස නිපදවා ගන්නා ලදී.

Aliens 2042 imdb rating Aliens 2042 imdb wikipedia Aliens 2042 imdb release date aliens 2042 movie aliens 2042 2023 movie

නමුත් පිටසක්වල ජීවීන් ගෙන් මෙලොවට අහිතකර බලපෑම් ඇති විය හැකි බවක් විශ්වාස කරන මෙබඳු රෝගීන් ඒ සඳහා සාක්ෂි ලෙස ඉහත සඳහන් විද්‍යාත්මක වාර්තා ගොනු කර ගනිමින් මනෝ වෛද්‍ය වරුන් හා තර්ක කරන අවස්ථා ද තිබේ.ඔවුන් පවසනුයේ පිටසක්වල වීවීන් මෙලොවට පැමිණ තම පිටපත් පවා තනන බවකි.එම රෝගීන් එවැනි දැඩි ස්ථාවරයක පසුවීමට හේතුව ලොව සිදුවන සෑම නවීන විද්‍යා තාක්ෂණික පෙරැලියක්ම තමන්ගේ මනැස් තුළ රැඳී පවතින පිට සක්වල ජීවීන් සම්බන්ධ මෝහමය සංකල්ප හා ආදේශ කිරීමට වෙර දරන බැවිනි. එමෙන්ම මේ දක්වා කිසිදු ලෝක සම්මතයක් නොමැති වුවද පිටසක්වල ජීවීන් හිඳින බවටත් ඔවුන් කිනම් හෝ මොහොතක පෘථිවියට ප්‍රහාරයක් එල්ල කිරීමට හෝ පෘථිවිය ආක්‍රමණය කළ හැකි බවටත් වන විද්‍යා ප්‍රබන්ධ ආදියෙන් උපුටා ගන්නා කරුණු ද තාර්කික ලෙස ගලපා ඉදිරිපත් කරති. එමෙන්ම මෙම මෝහාබාධය නිසා පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන් කරනු ලබන අවිධිමත් හැදෑරීම් වලින් ඇතැම් මෝහාබාධ රෝගීන් ගොනු කර ගන්නා කරුණු සාමාන්‍ය කෙනෙකු තුළ වුව බියක්,චකිතයක් දැනවීමට තරම් ප්‍රබල විය හැකිය. එමෙන්ම එම මෝහාබාධ සහිත පුද්ගලයා එවැනි විෂයන් පිළිබඳ දැනුමක් ඇත්තකු නම් හෝ එය හැදෑරීමට දක්ෂ හෝ සමාජය පිළිගත් අයකු නම් ඔහුගේ එම මතවාදය එම සමාජය තුළ සේම ජත්‍යාන්තර වශයෙන් වුව ව්‍යාප්තියකට පත් වීමට පවා හේතු වේ. එහෙත් ඔවුන් ගේ මානසිකත්වය කෙසේ වුවත් ඔවුන් ගේ එම ප්‍රකාශ මත පදනම් වන මතයන් විද්‍යාත්මකව නිරීක්ෂණය කිරීමේදී ඒවා ව්‍යාජ විද්‍යාවන් (Pseudoscience ) බව සනාථ කිරීමට ඒ ක්ෂේත්‍ර සම්බන්ධ විද්වතුන්ට හැකියාවක් තිබේ. පිටසක්වල ජීවීන් සම්බන්ධ කොට හෝ ඇතිවන මෙය මෝහාබාධ තත්වය හැඳින්වෙනුයේ තමන්ට හිංසාවක් ඇති වෙතැයි යන පදනම් විරහිත භීතිය පදනම්කර ගත් හිංසන මෝහ (Persecutory Delusion ) නම් තත්වයට ය.

පිටසක්වලින් ගලා එන ප්‍රේමය

මේ අතර මිනිස් වෙසින් පෙනී සිටිය ද තමන් පිටසක්වල ජීවියකුය යන විශ්වාසය මෙම මෝහාබාධ වලින් පෙළෙන ඇතැමුන් තුළ තිබේ. එවැන්නවුන් බොහෝ විට සිතනුයේ මෙලොව තමන්ට නොගැලපෙන බවකි.ඒ අනුව ඔව්හු ඒ බවක් පවසා හෝ නොපවසා තමන් ඇසුරු කරන්නවුන් හා ගැටුම් ඇති කර ගනිති. එමෙන්ම තමන්ට හිමි ආදරවන්තයා හෝ ආදරවන්තිය පිටසක්වලකින් පැමිණෙනු ඇතැයි සිතන පිරිස් ද මේ මෝහාබාධ රෝගීන් අතරේ සිටිති. එහෙත් සැබැවින්ම එවැන්නකු ගේ පැමිණීමක් නොමැති වීම මත ඔවුහු නිරතුරු කනස්සල්ලෙන් පසුවෙති..
මේ අතර පිටසක්වල ජීවීන් සම්බන්ධ මෙම මෝහ සිතුවිලි යමකුගේ සිත තුළට කවර හෝ මොහොතක පිවිස පැලපදියම් විය හැක. ඒ සඳහා පෞරුෂ, සමාජමය සේම මොළයේ හට ගන්නා ජෛවමය විෂමතා ද ඉවහල් වෙයි. තමන්ගේ කුස තුළ පිළිසිඳ ගෙන ඇති කළලය පිටසක්වල ජීවියකු ගේ බව දැඩිව විශ්වාස කිරීම මත ජීවිතය එපා වූ තරුණ බිරිඳක මීට කලකට ඉහත අප හමුවට පත් කෙරිණ. අවසානයේ ඇය තීව්‍ර භින්නෝන්මාද ලක්ෂණයක් (Schizophrenia ) ලෙස එම මෝහ සිතුවිල්ල සිත දරා හිඳින බව සායනිකව තහවුරු කර ගැනීමට අපට හැකිවිය. ඒ අනුව කිව යුත්තේ මෙම පිටසක්වල ජීවීන් සම්බන්ධ මෝහ සිතුවිලි භින්නෝන්මාද ලක්ෂණයක් ලෙස ද මතුවිය හැකි බවය.

පිටසක්වල ජීවීන් පිළිබඳ සමාජ මිථ්‍යාව

ඉහත සඳහන් මෙක්සිකෝ සිදුවීම ජනමාධ්‍ය වලින් පැතිරීම මුල් කොට එම මෝහාබාධ ඇතිවීමට තුඩු දෙන මානසික සහ ජෛවමය සාධක ඇත්තවුන් හට තමන් ජීවත් වන පරිසරයෙන් පවා මනෝ භ්‍රාන්ති හා මායාවන් වශයෙන් එවැනි හැඩතල සහිත ජිවීන් දර්ශනය වීමට පුළුවන. නමුත් එම මානසික සාධක සම්බන්ධයෙන් විශ්ලේෂණය කළ නොහැකි මාධ්‍ය කරුවන් ඔවුන්ගේ එම ප්‍රකාශ විද්වත් මත මඟින් සමතුලනය කිරීමකින් තොරව “ගෙඩි පිටින්”මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම මුල් කොට දුබල පෞරුෂයන් සහිත තවත් පිරිස් හමුවේ විවිධ ස්ථානවලදී එවැනි හැඩතල සහිත ව්‍යාජ භ්‍රාන්ති සහ මායා (Pseudo Hallucinations ) මැවී පෙනීමේ හැකියාවක් ඇත. එවන් තත්වයක් නිරතුරුව පැවතීම මත අප රටේ විවිධ ප්‍රදේශවලින් එවන් පිටසක්වල ජීවීන් පිළිබඳ ප්‍රවෘත්ති මතු කර ගැනීමට මාධ්‍යවේන්දීට හැකි වනු ඇත. සමාජ මිථ්‍යා ( Mass Hysteria ) නමින් හඳුන්වනු ලබන මෙම සාවද්‍ය මතවාද සමාජය පුරා පැතිර යාමකින් හැරුණු කොට අපේ රටට පිටසක්වල ජීවීන් පැමිණීමේ අන් මඟක් ඇතැයි කෙසේවත් සිතීමට අපට නොපුළුවන.

විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

 

එතෙර - මෙතෙර