මාර්ග අංක 100/101පිටකොටුව- පානදුර සහ මොරටුව පෞද්ගලික බස් රථ සේවකයින් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.බස් රථ රියැදුරන්ගේ පුද්ගලික ආරවුලක් දුරදිග යාම මෙම වර්ජනයට හේතුවී ඇති බව පෞද්ගලික බස් රථ වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.මේ හේතුවෙන් මගීන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර එම ගමනාන්තය දක්වා යාමට කලුතර අලුත්ගම ආදී බස් රථ වලට මගීන් නංවා නොගන්නා බැවින් බොහෝ මඟීන් කොළඹ කොටුව දුම් රිය ස්ථානය වෙත පැමිණෙමින් සිටින බව ද වාර්තා වෙයි.