පිරවුම් හල් හිමියන්ට සහ සේවකයන්ට ඉන්ධන බෙදීම එපා වෙයි

මෝටර් වාහන කෘෂිකාර්මික මෙවලම් සහ වෙනත් ගෘහ අවශ්‍යතා සඳහා සැපයෙන ඉන්ධන සීමාව ඉක්මවාවැඩිපුර ඉන්ධන නිකුත් කිරීමට සිදුවීම මත ඉන්ධන සැපයීම බරපතල අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇතැයි රට පුරා ඉන්ධන පිරවුම් හල් හිමියෝ මැසිවිලි නඟති.ඔවුන් පවසන්නේ ඉන්ධන පාරිභෝගිකයන් ආවේගශීලී සහ කලහකාරී ලෙස කටයුතු කිරීම නිසා තමන්ට මෙම ව්‍යාපාරයත් තම සේවකයන්ට ඔහුන් ගේ රැකියාවනුත් මේ වන විට එපා වී ඇති බවකි.මේ අතර දින 10 ක් සදහා තිබු ඉන්ධන තොග දින 6 කින් අවසන් වී ඇති බව ඇමති කංචන විජේසේකර මහතා පවසයි. සාමාන්‍යයෙන් මෙට්ට්‍රික් ටොන් 40 ස් දහසක ඩීසල් ප්‍රමාණයක් දින 10 ක් කළමනාකරණය කළ හැකි මුත් මේ වනවිට මාර්ගවල වැඩි වශයෙන් වාහන ධාවනය නොවුණත් එම ඩීසල් ප්‍රමාණය ඉතා ඉක්මනින් අවසන් විී ඇතැයි ඇමති වරයා කියයි. කෑන් සහ බුලිවලට ඉන්ධන ලබාදීම නතර වුවහොත් සහ ජල විදුලිය නිසි ලෙස කළමනාකරණය කරන්නේ නම් අඛන්ඩව විදුලිය ලබාදිය හැකි බව ද ඇමතිවරයා කියයි.මේ අතර අද(22) සිට ඉන්ධන තොග ගබඩා කරන පුද්ගලයින් සොයා පොලිස් වැටලීම් දැඩි කොට ඇති අතර ඉන්ධන තොග ගබඩා කර ගැනීම සහ නැවත අලෙවි කිරීම පවත්නා නීති යටතේ සපුරා තහනම්ය.

කාලීන පුවත්