පී.බී ජයසුන්දර ඉල්ලා අස්වන ළකුණු

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.පසුගිය කාලය තුළ රජයේ මැති ඇමති වරුන්ගේ විවේචන වලට ලක් ව සිටි ඔහුට පසුගිය දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන ඇතුළු ඇමතිවරුන් පිරිසකගේ දැඩි විවේචන වලට එල්ල වීමෙන් පසු ඔහු මෙම තීරණය ගෙන ඇතැයි කියනු ලැබේ.ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා තම රාජකාරී බලතල වල සීමාව ඉක්මවා ඒවා අවභාවිතා කරන බව ඔහුට එල්ල වන ප්‍රධාන චෝදනාව ය.ඒ සම්බන්ධයෙන් අමාත්‍ය පිරිසක් එළඹෙන සතියේ දී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව අතර ජයසුන්දර මහතා ද තම ඉල්ලා අස්වීම පිළිබඳව ජනපති වරයාගෙන් කරුණු විමසීමට බලාපොරොත්තු වන බව පැවසෙයි.

කාලීන පුවත්