හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවන ලද ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් රහසිගත කරුණු සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ දැඩි අවධානය යොමු ව ඇතැයි වාර්තා වෙයි.
පිටු හතරකට ආසන්න ප්‍රමාණයකින් යුතු එම ලිපිය මඟින් තමන් ජනාධිපති ලේකම් පදවියට පත් වූ දා සිට විවිධ පාර්ශවයන් වෙතින් එල්ල වූ තාඩන පීඩන සහ කෙනෙහිලි කම් පිළිබඳව කරුණු දක්වා අතර මෙරට ආර්ථිකය නිසි ලෙස හැසිරවීමට බාධා පමුණුවන ව්‍යාපාරිකයන් තිදෙනකුගෙන් යුතු “මාෆියාවක්” පිළිබඳව ද කරුණු දක්වා ඇතැයි වාර්තා වෙයි.
එමෙන්ම පසුගිය සමයේ තමන් ආණ්ඩු පක්ෂයේ ප්‍රබලතමයන් ගේ දෝෂාරෝපනයට ලක් වීමට පසුබිම් කරුණු වශයෙන් දිගු විස්තරයක් ඉදිරිපත් කොට ඇති හිටපු ජනාධිපති ලේකම් වරයා රටේ ආර්ථිකය පිළිබඳ තීරණාත්මක සාකච්ඡා සඳහා තමන් නොකඳවූ බවත් දැනට ක්‍රියාත්මක වන රටට අහිතකර තීන්දු තීරණ ඒ සාකච්ඡා වල දී ගනු ලැබූ ඒවා බවත් තම ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කොට ඇතැයි වාර්තාවේ.
එම ලිපියේ අඩංගු කරුණු වාචිකව නොව ලිඛිතව ලබා දෙනුයේ ඒවායේ සත්‍යතාව පිළිබඳ පූර්ණ වගකීම දැරීම පිණිස බව ද ආචාර්ය ජයසුන්දර මහතා එහි සඳහන් කොට ඇතැයි වාර්තා වේ.
එම ලිපිය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ දැඩි අවධානය යොමු ව ඇතත් එහි අඩංගු කරුණු සම්බන්ධයෙන් ජනපති වරයා ඒ කිසිදු පාර්ශවයකින් කරුණු විමසා නොතිබීමත් හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය ජයසුන්දර මහතාගේ අස්වීම් ලිපිය භාරගෙන ඇති මුත් ජනපති වරයා ඔහු කෙරෙහි තැබූ විශ්වාසය පළුදු කර නොගැනීමත් නිසා ඉහත සඳහන් ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් සහ කෝටිපති ව්යාපාරිකයන්එහි ඇතුලත් රහසිගත කරුණු සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බව ද රජයට සම්බන්ධ ආරංචි මාර්ග තහවුරු කරයි.