පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර, ‘මෑන් ඩුවෝස්’ නම් එම සුළි කුණාටුව හෙට (9) වනවිට තමිල්නාඩු පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර, උතුරු, උතුරුමැද හා නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හා තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කාලීන පුවත්