පුංචි ඡන්දයට නාමයෝජනා භාර ගැනීම අද සිට

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද (17 ) සිට 20 වැනිදා මධ්‍යහන 12 දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය.

නාමයෝජනා පත්‍ර බලය නොමැති තැනැත්තකු විසින් භාරදීම, නාමයෝජනා පත්‍රයේ නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව නොමැතිවීම හෝ නියමිත සංඛ්‍යාවට වඩා වැඩිපුර අපේක්ෂකයන් ඇතුළත් කර තිබීම, පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ඇප තැන්පත් කර නොතිබීම, පක්ෂ ලේකම් හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයා නාම යෝජනා පත්‍රය අත්සන් කර නොතිබීම ආදී කරුණු කීපයක් මත නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

කල්මුණේ සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා හැර පළාත් පාලන ආයතන 339 ක් සදහා සභිකයන් තෝරා පත්කර ගැනීමට අදාළව මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වේ.

කාලීන පුවත්