පුටින් ගෙන් යුද ගිනි අවුළුවන ප්‍රකාශයක්

රුසියාවේ සහාය ලබන කැරලිකරුවන් විසින් අත්කර ගෙන සිටින යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශ ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සුදානම් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් කියයි. එම ප්‍රදේශවල සිටින කැරලි කණ්ඩායම් 2014 සිට රුසියානු සහයෝගයෙන් යුක්රේන හමුදා සමඟ සටන් වැද සිටිති. දෙපාර්ශ්වය අතර සාම සාකච්ඡා ආරම්භ වුව ද රුසියානු ජනාධිපතිවරයා කර ඇති මෙම ප්‍රකාශය හේතුවෙන් එම සාකච්ඡා බිඳවැටෙනු ඇතැයි අනාවැකි පළවී තිබේ. එම ප්‍රකාශය රුසියානු හමුදාවට යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයට ඇතුඵ වීමට අනියමින් අවස්ථාව හිමි කර දීමක් බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ කියති.

කාලීන පුවත්