පුටින් මිනී මරුවකු බව ඇඟවූ රුසියානු මාධ්‍යවේදිනියට සිර දඬුවම්;මුත් ඇය දියණිය ද සමඟ යුරෝපයට පලා ගිහින් රුසියානු රූපවාහිනි නාලිකාවක සජීවි ප්රවෘත්ති විකාශයක් අතරතුර රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මිනිමරුවෙකු බවත්, ඔහුගේ සෙබළුන් පැසිස්ට්වාදීන් බවත් සටහන් වූ පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමෙන් ජාත්‍යන්තර අවධානයට ලක් වූ එරට මාධ්‍යවේදිනියක වන 45 හැවිරිදි මරීනා ඔව්සියනිකෝවාට එරට අධිකරණයකින් වසර 8කුත් මාස 6ක සිර දඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නමුදු ඇය සිය දියණිය ද සමඟ මේ වන විට රුසියාවෙන් රටින් පලාගොස් ඇතැයි ද වාර්තා වේ.රුසියානු යුක්රේන යුද්ධය ආරම්භ වී සති කිහිපයකට පසු ‘යුද්ධය නවත්වන්න, ඔවුන් ඔබට අසත්‍ය කරුණු ප්‍රකාශ කරනවා‘ වැනි යුද විරෝධී පුවරුවක් සජීවී ප්රවෘත්ති විකාශයක් අතරතුර ප්‍රදර්ශනය කිරීමෙන් පසුව ඇයට දඩ ගසා නිදහස් කර තිබිණ.නමුදු ඊට මාස කිහිපයකට පසු ඇය නැවතත් ක්‍රෙම්ලීනයේ ගංඉවුරක සිට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මිනිමරුවෙකු බවත්, ඔහුගේ සෙබළුන් පැසිස්ට්වාදීන් බවත් සටහන් වූ පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියේ තබා එම සිදුවීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව නඩු පවරා ඇත. මුත් ඇය නිවාස අඩස්සියෙන් මිදී ඇගේ දියණිය සමඟ යුරෝපීය රටකට පලාගොස් ඇතැයි ඇගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දී තිබේ. ඇයට සිර දඬුවම් නියම වූයේ නඩු විභාගය මඟ හැරීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.