පුටින්ගේ තීරණය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ගේ දැඩි දෝෂ දර්ශනයට

යුක්රේන භූමියට අයත් ප්‍රදේශයකට එරට අවසරයකින් තොරව හමුදා කණ්ඪායම් යොමු කිරීමට රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ගත් තීරණය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් ව තිබේ.ඔහු පවසනුයේ සාම සාධක භට පිරිස් ලෙස හෝ රුසියානු හමුදා යුක්රේනයේ ඩොනෙට්ස්ක් සහ ලු‍හාන්ස්ක් ප්‍රදේශයන් හි ස්ථානගත කිරීම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අනුමත කළ හැක්කක් නොවන බවකි.අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද රුසියාව ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන බැවින් රුසියාවට එරෙහිව සම්බාධක පනවන බව ද පවසා ඇති අතර ඇමරිකානු භට පිරිස් යුරෝපා රටවලට යැවීමට ද අමෙරිකාව තීරණය කොට තිබේ.එහි ඇරඹුමක් ලෙස අමෙරිකානු භට පිරිස් ඉතාලියේ සහ පෝලන්තයේ ස්ථාන ගත කිරීමට ඇමරිකාව සැලසුම් කර තිබේ.මේ අතර ගත වූ පැය 24 කාලය තුළ බටහිර රුසියාවේ නව හමුදා සහ යුද්ධෝපකරණ කිහිපයක් තම චන්ද්‍රිකා ඡයාරූප වල පෙන්නුම් කරන බව ඇමරිකානු අභ්‍යවකාශ තාක්ෂණ සමාගමක නිල වාර්තා වල දැක්වෙයි.

කාලීන පුවත්