පුද්ගලීකරණයට එරෙහිව ටෙලිකොම් සේවකයෝ මහමඟට බසිති

ටෙලිකොම් පුද්ගලීකරණයට එරෙහිව ටෙලිකොම් සේවකයෝ මහමඟට බසිති දැනට රාජ්‍ය ආයතනයක් වශයෙන් පවත්වාගෙන යන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පුද්ගලීකරණයට විරෝධය පළකරමින් 1000 කට ආසන්න ටෙලිකොම් සේවකයින් පිරිසක් ඊයේ(03) කොළඹ කොටුව ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.ඔවුන් විසින් කොළඹ කොටුවේ ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය අවට මාර්ගයේ විරෝධතා පාගමනක් ද සංවිධානය කොට තිබිණ.රජයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් ලාභ ලබන ටෙලිකොම් ආයතනය පුද්ගලික අංශයට විකිණීම කෙසේ වත් අනුමත කළ නොහැකි බව ඔව්හු කියා සිටියහ.

කාලීන පුවත්