පෙබරවාරි 15 තෙක් විදුලි බිල තවකාලිකව ඉහළට

පෙබරවාරි 15 තෙක් විදුලි බිල තවකාලිකව වැඩි කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ. තාවකාලික අය ක්‍රමයට අනුව ගෘහස්ථ විදුලි එකකයක මිල රුපියල් 29 යි ශත 14 සිට රුපියල් 48 යි ශත 42 දක්වා වැඩිවෙයි. එ අනුව විදුලි ඒකක 30 දක්වා ගෘහස්ථ ස්ථාවර ගාස්තුව වු රුපියල් 120 සිට රුපියල් 400 දක්වා වැඩිවනු ඇත. ඒකක 30 ත් 60ත් අතර ගාස්තුව රුපියල් 240 සිට රුපියල් 550 ක් දක්වාත් ඒකක 60 ත් 90 ත් අතර රුපියල් 360 සිට රුපියල් 650 දක්වාත් වැඩිවෙයි. විදුලි ඒකක 90 සිට 180 දක්වා ගෘහස්ථ විදුලි ඒකක සඳහා වන ස්ථාවර ගාස්තුව රුපියල් 960 සිට 1500 දක්වා ද ඒකක 180 වැඩි පාරිභෝගිකයින් සඳහා රුපියල් 1500 සිට රුපියල් 2000 දක්වා වැඩිවෙන බව විදුලිබල මණණ්ඩලයේ සමාන්‍යධීකාරි රොහාන් සෙනෙවිරත්න මහතා පවසයි. මේ අතර විදුලිබිල වැඩිකිරිම පිළිබදව මහජන උපයෝගිතා කොමිසමෙ අයක්‍රමය ලබන මස 15 ට පෙර ලබාදිය යුතු වන අතර එ අනුව විදුලි බිල ජනවාරි පළමුවෙනිදා සිට යළි ප්‍රතිශෝධනය වන බව ද ඔහු පැවසීය.

කාලීන පුවත්