නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් ඉකුත් පෙබරවාරි මාසයේ නිෂ්පාදන හා සේවා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව පෙබරවාරි මාසයේදී නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 56.8ක අගයක් වාර්තා කර ඇත.
විශේෂයෙන්ම එළැඹෙන උත්සව සමයට සාපේක්ෂව නව ඇණවුම් සහ නිෂ්පාදනවල ඉහළ යාම මෙම වර්ධනයට හේතු වී ඇතැයි ද මහ බැංකුව පෙන්වා දෙයි. මේ අතර ඉහළ යන ඉල්ලුමට සරිලන පරිදි සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් ද ඉහළ ගොස් ඇති අතර සැපයුම්කරුවන් කාර්යබහුල වීම පිළිබිඹු කරමින් ගතවුණු මාසය තුළ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලයද ඉහළ ගොස් ඇත.