පොදු ජන පෙරමුණට එජාපය හා එක් වන්න බැරි වම-දකුණ ප්‍රශ්නයක් හින්දයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්සත් ජාතික පක්ෂය සමඟ ඇත්තේ ප්‍රතිපත්තිමය ගැටලු මිස පුද්ගලයන් සම්බන්ධ ගැටලුවක් නොවේ යැයි එම පෙරමුණ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.තම පක්ෂය නියෝජනය කරන්නේ වමේ දේශපාලනය බවත් එනිසා එජාපයේ දක්ෂිණාංශික ප්‍රතිපත්ති සමග පෑහීමට නොහැකි බවක් ඇතැයි ද කීවේය.මේ මොහොතේ කිසිවෙකුත් මනාප පොරයකට යොමු නොවිය යුතු බවත් ජනාධිපතිවරණය යනු රටට නායකයෙක් තෝරා ගන්නා මැතිවරණයක් බව වටහා ගතයුතු බවත් පැවසීය.ඒ මහතා මේ බව පැවසූවේ අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් අමතමිනි. මේ අතර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92ක් එක්ව සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. මෙම මන්ත්‍රීවරුන් අද(30) සවස ජනාධිපතිවරයා හමුවී සිය සහයෝගය ලබාදීම තහවුරු කර ඇතැයිද පවසයි

කාලීන පුවත්