පොදු ජන පෙරමුණට මහින්දගෙන් පිට වෙන නායකයෙක් ඕනෙ නෑ

මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පරිබාහිරව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්‍ෂ නායකත්වයේ කිසිදු වෙනසක් නොවිය යුතුයි කියන මතයේ පක්‍ෂ ලේකම්වරයා ලෙස තමන් හිඳින බවත් එය තීරණය කළ යුත්තේ පක්‍ෂ සාමාජිකයන් බවත් ශ්‍රී ලංකා පොදු පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා කියයි. “මහින්ද රාජපක්‍ෂ කියන්නේ මේ රටේ දශක ගණනාවකින් පසු බිහි වූ ශ්‍රේෂ්ඨම නායකයෙක්. එවැනි නායකයෙක් යටතේ කටයුතු කරන්නට ලැබීම පක්ෂයක් ලබන භාග්‍යයක්. එවැන්නකුගේ නායකත්වය අතහැර අලුත් නායකයකු පත්කර ගැනීමේ අවශ්‍යතාවක් නැති බව පක්ෂ ලේකම්වරයා හැටියට මගේ මතයයි.පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගේ කුඩා කල්ලි කීපයක ඉවත් වීමක් තිබෙනවා. එහෙත් පක්ෂ සාමාජිකත්වයේ සහ ජනතාවගේ බෙදීමක් දකින්න නැහැ. ඉහළින් ඔලුගෙඩි මාරුවුණාට පහළ අපේ ජන පදනම එහෙමම තිබෙනවා”යනුවෙන් ද ලේකම් වරයා පවසයි.

කාලීන පුවත්