පොල් මිල පහත හෙළීමට ආණ්ඩුව උපායක් යොදයි

මේ වන විට වේගයෙන් ඉහළ යමින් පවතින පොල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා රජයේ ආයතනවලට අයත් වතුවල තිබෙන පොල් නාගරික ප්‍රදේශවලට ගෙනැවිත් අලෙවි කිරීමට රජය සැලසුම් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත හේරත් මහතා පවසයි.මේ දිනවල පවතින රටේ වැසි තතත්වය නිසා පොල් නිෂ්පාදනය කිසියම් ඉහළ මට්ටමක පැවැතියත් පොල් හිඟයක් මවා කෘත්‍රිමව පොල් මිල ඉහළ දැමීමේ ජාවාරමක් ද ක්‍රියාත්මක වන බවට ද රාවයක් පැතිර යමින් පවතී.මේ වන විට රට තුළ විශාල වශයෙන් පොල් ඉඩම් කැබිලි කර විකිණීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වීම හේතුවෙන් විශාල පොල් ඉඩම් ප්‍රමාණයක් රටට අහිමි වීම ද වර්තමාන පොල් මිල ඉහළ යාමට බලපා තිබේ.

කාලීන පුවත්