අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර පසුගිය 09 වැනිදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (21) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණ.පොලිස්පති වරයාට අමතරව විශේෂ බලකායේ අණදෙන නිලධාරියා සහ පොලිස් විශේෂ කාර්ය අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ලදී. ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමට පැමිණි පිරිසට නිදහසේ එම ස්ථානයට පිවිසීමට ඉඩ දීම සහ එම පිරිස විසුරුවා හැරීමට ගත් උත්සහයක් පැළැක්වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පිරිසගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබේ.