පොලීසිය “අන්තරේට”කඳුළු ගෑස් ගසා සිසුන් කන බොන දේත් වනසති

වත්මන් ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් පාර්ලිමේන්තුව අද්දර පොල්දූව හන්දියේ අඛණ්ඩ විරෝධතාවක යෙදෙන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල සාමාජිකයන් වෙත අද(06) දහවල් පොලීසිය නැවතත් ජල ප්‍රහාර හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කොට සිසුන්ට කුස ගිනි නිවා ගැනීම සඳහාපරිත්‍යාගශීලීන් විසින් ලබා දුන් බිස්කට් සහ කෙසෙල් ගෙඩි සහ පානීය ජල බෝතල් තැන්පත් කොට තිබූ ආවරණය ද එම ආහාර පාන පරිභෝජනයට ගත නොහැකි සේ කඩා බිඳ දමා තිබේ. මේ වන විට පොලිස් ජල ප්‍රහාරක රථ දෙකේ ජලය ද අවසන් වී ඇතත් පොලීසිය තවමත් වරින් වර තමන් වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වන බව එහි සිටින සිසුහු කියති.වැඩිදුරටත් ඔවුන් පවසනුයේ පොලීසිය තමන් පසුගැන්වීම පිණිස තම ආහාර පාන විනාශ කළ ද නිරාහාරව හෝ තමන් මෙම අරගලය ඉදිරියටම ගෙන යන බවකි.

කාලීන පුවත්