පොසොන් වලට අනුරපුරයට දුම්රිය වෙනුවට විශේෂ බස් සේවා

මහව සන්ධියේ සිට අනුරාධපුරය දක්වා වන දුම්රිය මාර්ගයේ සිදුවන අලුත්වැඩියාවන් හේතුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට සිදුවන අපහසුතාවය මඟහැරීම සඳහා මීට පෙර වර්ෂවලදී පැවති පොසොන් මංගල්‍යය සඳහා යෙදවූ බස් රථ සේවාවට අමතර විශේෂ බස් රථ සේවාවක් මෙවර ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා පවසයි.එහිදී බස්රථ 400කට වැඩි ප්‍රමාණයක් යෙදවීමට අපේක්ෂා කරන අතර ගම්පහ සහ කොළඹ ලංගම ප්‍රාදේශිකයන්වල ද සහාය ලබා ගැනීමට නියමිතය.ඒ අතර මඟී අවශ්‍යතාව මත එම බස් රථ ප්‍රමාණය ඉහළ නංවන බව ද ඒ මහතා පවසයි.ඒ අතර උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති ටී.එම්.ආර්.සිරිපාල මහතා ප්‍රකාශ කළේ ලංගම හා පෞද්ගලික බස් ඒකාබද්ධ කරමින් ඒකාබද්ධ බස් සේවාවක් ක්‍රියාත්මක කරන බවයි.

කාලීන පුවත්