මෙම දෙසැම්බර් මස 15 දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය සඳහා ප්‍රාදේශීය මට්ටමින් සාමාජිකයන් සහභාගී කර ගැනීමේ ගැටළු සහගත තත්වයක් පවතින බව වාර්තා වේ.පක්ෂයට පැහැදිලි ගමන් මඟක් සහ නායකත්වයක් නොතිබීම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරුන් හතලිහක් පමණ ඉදිරි මැතිවරණයක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට සූදානම් බවට තහවුරු නොවූ ආරංචි පැතිර යාම මීට මූලිකව හේතු වී තිබේ.එමෙන්ම බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රාජපක්ෂ පවුලේ නායකත්වයෙන් ඉදිරියට යා යුතුය යන්න හැඟවෙන ප්‍රකාශ කිරීම නිසා තරුණ පරපුර එම පක්ෂ සාමාජිකත්වය ගැනීමට පසුබට වන බවට ද පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.නමුත් වයඹ පළාත නියෝජනය කරන පසුගිය කාලයේ ආන්දෝලනයට ලක් වූ දේශපාලනඥයකු හොඳින් බැරි නම් නරකින් හෝ එදිනට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය පිරවීමට තමන් තනිවම හෝ කටයුතු යොදන බව පක්ෂ ක්‍රියාකාරීන් හමුවේ පවසා ඇත.