ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ජනතාව හමුවට යාම වෙනුවට රණ විරු සොහොන් ස්මාරක අවට එළි පෙහෙළි කිරීම වැනි විකල්ප ප්රචාරක ක්රම කිහිපයක් යොදා ගැනීම කෙරෙහි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමු ව තිබේ.ගම් මට්ටමේ ප්රචාරක කටයුතු සඳහා ආධාරකරුවන් සොයාගත නොහැකි මට්ටමක පසුවන බව පොදුජන පෙරමුණු අපේක්ෂකයන් රැසක් මේ වන විට සිය ආසන සංවිධායකවරුන් වෙත දැනුම් දී ඇත.එබැවින් අපේක්ෂකයන් සමග ග්රාමීය මට්ටමින් ඡන්ද ප්රචාරණ කටයුතු වල යෙදීම වෙනුවට රණ විරු සොහොන් ස්මාරක එළිපෙහෙළි කොට රණ විරුවන් සදා නොමියෙන බව පැවසෙන මතවාදය සමාජය හමුවේ පතුරුවා ඒ මඟින් ඉදිරි පලාත් පාලන මැතිවරණයේ දී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජගග්රහණය පිණිස කටයුතු කිරීමේ සැලසුමක් මේ වන විට දිවයිනේ ප්රදේශ කිහිපයක ක්රියාත්මක වන බව ද වාර්තා වෙයි.