අද මේ රටේ කෘෂිකර්මය මීට පෙර කිසි දා නොමැති අයුරින් දරුණු අගාධයකට ඇද වැටී ඇති බවත් පොහොර නොමැති කමින් ගොවීන් අන්ත අසරණ බවට පත් ව සිටින බවත් ඔවුන්ගේ ඒ පීඩාකාරී තත්වය හමුවේ තමන්ට ද ඉදිරියේ දී පොලොන්නරුවට යා නොහැකි තත්වයක් පවා උද්ගත විය හැකි බවත් හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතා කියයි.ඔහු මේ බව කියා සිටියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගේ විසි එක් වන ගුණ සමරුව වෙනුවෙන් අද(10)කොළඹ,ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ගුණ සමරු උත්සවයේ ප්රධාන දේශනය කරමිනි.