පෝට් සිටියට ආයෝජකයන් ගෙන්නන්න ඩේවිඩ් කැමරන් ගෙන් “කපු කමක්”

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආයෝජන අවස්ථා ඉදිරිපත් කිරීමේ උත්සවයේ දී, එක්සත් රාජධානියේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඉන්දු – පැසිෆික් කලාපය අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පෝට් සිටි කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කාර්යභාරය පිළිබඳ සැසියක් ඇමතීමට නියමිත බව වාර්තා වෙයි. කොළඹ වරාය නගරය තුළ පවතින ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ගෝලීය ආයෝජකයින් දැනුවත් කිරීමට ගෝලීය ආයෝජකයින් වෙත කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තුළ පවතින ආයෝජන අවස්ථා හඳුන්වා දීම සහ ඔවුන් ආයෝජන සඳහා දිරිගැන්වීම මෙහි අරමුණ ය. එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඉන්දු – පැසිෆික් කලාපය අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කාර්යභාරය පිළිබඳ ප්‍රදර්ශනයක් ද මීට එක් වනු ඇත.

කාලීන පුවත්