පෝලිම් ගැහෙන්න එපා;අදත් ගෑස් නැහැ

අද (26) දිනයේ ද ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් නොකරන බැවින් ගෑස් සිලින්ඩර් මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.ගෑස් මෙට්‍රික් ටොන් 7,500 ක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ගෙවූ බවත් එසේ ඇණවුම් කළ ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් නෞකාවක් අද දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවත් ලිට්‍රෝ සමාගම පවසයි.මේ අතර තම බෙදාහැරීම් මාධ්‍යස්ථාන වලට ගෑස් තොග ලැබෙන හෝ ලැබෙන බවට සංවිධානාත්මක ලෙසින් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරන පිරිස් නිසා ඇතිවන ජනතා කලහකාරී තත්වයන් මත තම ව්‍යාපාරයන් පවත්වාගෙන යා නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ගෑස් බෙදාහැරීමේ නියෝජිතවරු කියති.

කාලීන පුවත්