පෞද්ගලික අංශයට ‘පන් දාහ’ දීමේ සාකච්ඡා ප්‍රතිඵල කැබිනට්ටුවට

පෞද්ගලික අංශයට ‘පන් දාහ’ දීමේ සාකච්ඡා ප්‍රතිඵල කැබිනට්ටුවට රාජ්‍ය සේවකයන්ට රජය ලබා දුන් රුපියල් පන්දහසේ දීමනාව පෞද්ගලික අංශයට ලබාදීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවල ප්‍රගතිය කැබිනට් මණ්ඩලය යොමු කර ඇතැයි කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

මීට අදාලව වෘත්තීය සමිති පෞද්ගලික ආයතන හිමිකරුවන් සහ වතු හාම්පුතුන් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡා පැවති බව හෙතෙම සඳහන් කරයි.

කාලීන පුවත්