පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතනවල ගාස්තු මහජන ප්‍රදර්ශනයට

ඇතැම් පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන කිසිදු සාධාරණ පදනමකින් තොරව අධික ගාස්තු අය කරන බව අධිකරණය හමුවේ පවා සනාථ වී ඇති පසුබිමක පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සිය ගාස්තු අය කරන ආකාරය වහාම මහජන ප්‍රදර්ශනය සඳහා පළ කරන ලෙස පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව සියලුම පෞද්ගලික රෝහල්වලට සහ වෛද්‍ය ආයතනවලට ලිපියකින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.බොහෝ පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සේවා ගාස්තු සම්බන්ධයෙන් මිල ප්‍රදර්ශනයක් නොකරන බවට පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව වෙත කලෙක සිට පැමිණිලි ඉදිරිපත් ව ඇති බව ද පැවසෙයි.

කාලීන පුවත්