බටලන්ද කොමිසමට කෙනෙකුගේ සිවිල් අයිතිය හෝ ප්‍රජා අයිතිය අහෝසි කරන්න බෑ

බටලන්ද කොමිෂන් සභාව 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ පත්කර ඇති හෙයින් එවැනි කොමිසමකට කෙනෙකුගේ සිවිල් අයිතිය හෝ ප්‍රජා අයිතිය හෝ අහෝසි කිරීමට නීතිමය බලයක් නැති බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.ඒ මහතා වැඩි දුරටත් පවසනුයේ කෙනෙකුගේ සිවිල් අයිතිය හෝ ප්‍රජා අයිතිය අහෝසි කළ හැක්කේ 1978 අංක 7 දරණ විශේෂ ජනාධිපති කොමිෂන් සභා විශේෂ පනත අනුව පත් කරන කොමිෂන් සභාවලට පමණක් බව ය.
1978 අංක 7 දරන විශේෂ ජනාධිපති කොමිෂන් සභා විශේෂ විධිවිධාන පනත යටතේ පත්කරන කොමිෂන් සභාවල නිර්දේශ අනුව පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පවත්වා අදාල පුද්ගලයන්ගේ සිවිල් හෝ ප්‍රජා අයිතිය අහිමි කිරීමට හැකියාව පවතින බවද හෙතෙම පැවසීය.නමුත් බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන ඉදිරියේදී ජනතාවගේ ජීවත් වීමේ අයිතිය, නිදහස සහ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් යම් යම් සාධනීය වෙනස්කම් හෝ ප්‍රතිසංස්කරණ කළ හැකි බව පැවසූ මහානාමහේවා මහතා ප්‍රමාණවත් සාක්ෂි පවතී නම් පමණක් ඒවා ගොනුකොට අදාළ පුද්ගලයන්ට එරෙහිව අපරාධ නඩු පැවරිමේ හැකියාව නීතිපතිවරයාට ඇති බවද පැවසීය.

කාලීන පුවත්