ලබන මහ කන්නයේ දී බඩඉරිඟු වගා කරන ගොවීන් සඳහා බිම් සකස් කිරීමේ කටයුතු වෙනුවෙන් අක්කරයකට රුපියල් 20,000ක මුදලක් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
හම්බන්තොට, මොනරාගල, අනුරාධපුර, අම්පාර හා බදුල්ල දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගා කරන ගොවීන්ට නැවත අයනොකෙරෙන මුදලක් ලෙස එම මුදල ලබා දීමට තීරණය කර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
බඩඉරිඟු වගාවට අවශ්‍ය බීජ හා පොහොර සියල්ල නොමිලයේ සැපයීමට ද නියමිතයි.