බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ හොඳම ජාත්‍යන්තර සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය එකම රාජ්‍ය පාලකයා මමයි

බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ හොඳම ජාත්‍යන්තර සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය එකම රාජ්‍ය පාලකයා මමයි සිරිමා බණ්ඩාරනායක මැතිණියගෙන් පසු ලෝකයේ සෑම රටක් සමගම හොඳම ජාත්‍යන්තර සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය එකම රාජ්‍ය නායකයා තමන් බව  ආඩම්බරයෙන් කිව හැකි යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.”ඒඩීබී වෙන්න පුළුවන්,අයි එම් එෆ් වෙන්න පුළුවන්, වර්ල්ඩ් බෑන්ක් වෙන්න පුළුවන්, ජපන් ජයිකා වෙන්න පුළුවන් ඒ හැමගෙන්ම උදව් ගැනීමත් ලෝකයේ සියලු රාජ්‍ය නායකයින්ගෙන් සහයෝගය ගැනීමත් එක්තරා කලාවක්. ඒක එක්තරා විද්‍යාවක්. මම බය නැතුව ඕන කෙනෙක් එක්ක තර්ක කරන්න ලෑස්තියි, ඔප්පු කරලා පෙන්නත් ලෑස්තියි. බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ මම තමයි ලෝකයේ සෑම රටක් එක්කම දැඩි සම්බන්ධ තාවයක් තියාගෙන රට ගොඩ ගන්න ඒ අයගෙන් උදව් ගත්තේ. රුසියාවත් එහෙමයි, චීනයත් එහෙමයි, අමෙරිකාවත් එහෙමයි, යුරෝපයත් එහෙමයි, ඉන්දියාවත් එහෙමයි, ජපානයත් එහෙමයි, ජර්මනියත් එහෙමයි, ඒ සහයෝගය ගන්න එකේ යම් කිසි ක්‍රමයක් තියෙනවා. ලංකාවේ ඉන්න ඉහළම දේශපාලකයින් පිළිබඳව තානාපති කාර්යාලවල ෆයිල් එකක් තියෙනවා. බණ්ඩාරනායක මැතිණියගෙන් පසු ලෝකයේ සෑම රටක් සමගම දැඩි සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය එකම රාජ්‍ය නායකයා මමයි.”

කාලීන පුවත්