රාජ්‍ය සේවක වැටුප් විශ්‍රාම වැටුප් සුබසාධනය ඖෂධ සහ ණය ගෙවීම් හැර අනෙකුත් සියලු වියදම් දැරීමට මහ භාණ්ඩාගාරයට අපහසු බැවින් රජයේ වියදම් තවදුරටත් සීමා කළ යුතු බව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. . අමාත්‍ය මණ්ඩල සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම පිණිසමේ වන විට ක්‍රියාත්මක බදු සංශෝධන මගින් අපේක්ෂිත ආදායම් ලැබෙන තෙක් රජයේ වියදම් තවදුරටත් කප්පාදු කිරීමට හෝ කල් දැමීමට සිදුවන බවත්ය. ඒ සඳහා ප්‍රමුඛතා නිර්ණායකයන් මහා භාණ්ඩාගාරය සකස් කරන බවත් එතෙක් සුඵ වියදම් සදහා වෙන් කෙරෙන මුදල් නිදහස් කිරීම සීමා නොකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.ඒ අතර රාජ්‍ය ආයතන සදහා ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වැළකිය යුතු බවත් එය කඩ කරන ඕනෑම නිලධාරියෙකු එම වියදම් සඳහා පුද්ගලිකව වගකිව යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කොට තිබේ.