බදු සහන ඉල්ලා ට්‍රම්ප්ට අපේ ජනපති ලියුමක් යැව්වා

අමෙරිකා එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරු බදු සම්බන්ධයෙන් අන්‍යනොන්‍ය වශයෙන් සහනයක් ලබා ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත ලිපියක් යොමු කර ඇති බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා අද ( 8) පාර්ලිමේන්තුවේදී පැවසීය.එමෙන්ම, අමෙරිකාවේ වෙළඳ නියෝජිත කාර්යාලය සමග අද රාත්‍රී 8:00ට ඔන් ලයින් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරට ත් සඳහන් කළේ ය.ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බොහෝ ආනයනික භාණ්ඩ සඳහා 10%ක තීරු බදු අගයක් නියම කළ අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පනවා ඇති අතර එය ලොව වැඩි ම තීරුබදු පැනවූ පළමු රටවල් පහ අතරට ඇතුළත්වීම විශේෂත්වයකි.

.

කාලීන පුවත්