2024 බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මේජර් සුදර්ශන දෙනිපිටිය මහතාගේ ආරාධනයෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වා තිබේ.
එහිදී ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයට අදාළව මෙම වසර තුළ ලැබීමට නියමිත අයවැය ප්‍රතිපාදන යටතේ ආරම්භ කිරීමට නියමිත මාර්ග සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ බවයි වාර්තා වෙයි.
පසුගිය කාලය තුළ ඇති වූ වර්ෂාව සහ නායයෑම් ඇතුළු ස්වභාවික ආපදාවන් හේතුවෙන් හානියට පත් මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා ඉහළම ප්‍රමුඛතාවයක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
ඉදිරියේ දී ලෝක බැංකුව සමග පැවැත්වීමට නියමිත සාකච්ඡා වලදී ද මෙම ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන බවයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.
එමෙන්ම ප්‍රදේශයේ පොදු ප්‍රවාහන සේවාවන් නගා සිටුවීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින මානව සම්පත් ගැටලු විසඳීම සඳහා ඉදිරි සති දෙක තුළ කඩිනමින් සම්මුඛ පරීක්ෂණ පවත්වා අවශ්‍ය රියදුරන් සහ කොන්දොස්තරවරුන් කොන්ත්‍රාත් පදනම මත මෙම ප්‍රදේශයෙන්ම බඳවා ගැනීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.
එමෙන්ම දිස්ත්‍රික්කයේ ඩිපෝවල පවතින බස් රථ හිඟයටද කඩිනම් විසඳුම් මෙම වසර තුළ ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා අවධාරණය කරයි.
විශේෂයෙන්ම දුම්රිය සේවයට විශාල ආදායමක් ලබාදෙන ඇල්ල සංචාරක කලාපය තුළ නව ආයෝජන අවස්ථාවන් සඳහා දුම්රිය සතු ඉඩම් පෞද්ගලික අංශයට දිගුකාලීන බදු පදනම මත ලබාදීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය තුළින් රටට ලැබෙන විදේශ විනිමය මේ අවස්ථාවේ විශාල ශක්තියක් වන බැවින් සංචාරක ව්‍යාපාරය සංවර්ධනයට අමාත්‍යාංශය සහ දුන් දෙපාර්තමේන්තුව මගින් ලබාදිය හැකි ඕනෑම උපකාරයක් ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරයි.