බදුල්ලේ උසස් පෙළ දරුවන්ට පණිවිඩයක්

බදුල්ල දිස්ත්‍රික්කය පුරා නැවතත් අධික වර්ෂාවක් ඇදහැලෙන බැවින් කොයි මොහොතක හෝ මාර්ගයක් අවහිරවීමේ හැකියාව ඇති බැවින් මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයේ විභාග අපේක්ෂක දූ දරුවන් විභාගය ආරම්භ වීමට ප්‍රමාණවත් කාලයක් තිබියදී තම විභාග මධ්‍යස්ථානය වෙත ගොස් සිටීම වඩාත් සුදුසු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.

කිසියම් මොහොතක මාර්ගයක් අවහිර වුවහොත් විකල්ප මාර්ග භාවිතා කිරීමට යාමේදී අමතර කාලයක් වැය විය හැක.

මේ පිළිබඳව විභාග අපේක්ෂක දූ දරුවන්ගේ මව්පියන් මෙන්ම විභාග ශාලාවල ශාලාධිපතිවරුන්ද දූ දරුවන් දැනුම්වත් කර තිබීම වඩාත් සුදුසු බවද මේ වනතෙක් බදුල්ල දිස්ත්‍රික්කයේ උසස් පෙළ විභාග කටයුතු කිසිදු බාධාවකින් තොරව පැවැත්වීමට හැකි වූ බවද බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

කාලීන පුවත්