බයිඩන් අපිට උදව් කරන පාටක් නෑ යුරෝපා මිතුරනි අපිට උදව් කරන්න

“මම අවස්ථා කිහිපයකදීම ඇමරිකානු ජනාධිපති බයිඩන්ට කතා කළා. නමුත් ඔහු ගෙන් අපට යහපත් ප්‍රතිචාරයක් දුන්නෙ නෑ. දැන් අපිට තනියම රුසියාවට එරෙහිව සටන් වදින්න වෙලා. එය අපට හරිම අමාරු දෙයක්. ඒ නිසා මේ මොහොතේ දී අපි යුරෝපා මිතුරන්ගෙන් උදවු ඉල්ලා සිටිනවා”යුක්රේන ජනාධිපති විලෝදිමිර් සෙලෙන්ස්කි ආරක්ෂිත බංකරයක සිට සීඑන් එන් ප්‍රවෘත්ති සේවය වෙත අදහස් දක්වමින් කීය.රුසියානු හමුදා යුක්රේනයේ කිව් නුවර ආක්‍රමණය කිරීමත් සමඟ එහි වැසියන්ට පලා යන ලෙස හෝ යටත් වන ලෙස රුසියානු හමුදා විසින් දැනුම් දීමත් සමඟ කිව් නගර වැසියන් පෝලන්තය ඇතුළු රට වලට පලා යමින් සිටින බව වාර්තා වෙයි

කාලීන පුවත්