බස් ගාස්තු 5%කින් පහළට

අනිද්දා (ජූලි 01)සිට බස් ගාස්තු 5%කින් පහළ දැමීමට තීරණය කර තිබේ.මෙම සංශෝධනයට අනුව අවම බස් ගාස්තුව වන රුපියල් තිහ රුපියල් දෙකකින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් විසි අටක් වනු ඇත.වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස් සංගම් නියෝජිතයන් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙයි.

කාලීන පුවත්