බස් ගාස්තු ඉහළට;අවම ගාස්තුව වැඩි නොවේ

හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.ඒ අනුව බස් ගාස්තුව සියයට 4කින් ඉහළ දමනු ඇති.ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසන්නේ අවම බස් ගාස්තුව වන රුපියල් 30 මුදල වෙනස් නොවන බවය.ඉහත සඳහන් ගාස්තු වැඩි කිරීම යටතේ එම ගාස්තුව රුපියලකින් ඉහළ දැමිය යුතු වුවද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අපහසුව තකා එම තීරණය ගත් බව පැවසෙයි.එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම නව බස් ගාස්තු සංශෝධනයට අදාළව අධිවේගී බස් ගාස්තු ද ඉහළ දමන බවය.

කාලීන පුවත්