බස් ගාස්තු වැඩි නොකළොත් පෞද්ගලික බස් පාරෙන් ඉවතට

සිපෙට්කෝ ඉන්ධන හල් වල ද ඩීසල් මිල ඉහළ දැමීම මත දැනට පවත්නා බස් ගාස්තුව යටතේ බස් ධාවනය කළ නොහැකි බව පවසමින් හෙට(13) සිට බස් ධාවනයෙන් ඉවත් වීමට බොහෝ පෞද්ගලික බස් හිමියන් කටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි.එමෙන්ම අද දිනයේ ද පෞද්ගලික බස් රථ ධාවනයේ සැළකිය යුතු අඩුවක් දක්නට ලැබුණු බව වාර්තාවෙයි.ඒ අතර ඩීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දැමීම හෝ ඩීසල් සඳහා සහනාධාරයක් ලබාදීම හෝ හෙට (13) දිනයේ සිදු නොකළ හොත් සදුඳා සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ද පැවසීය.ඩීසල් ලීටරයක මිල රුපියල් 55 කින් ඉහළ යාම සියයට 45 ක ප්‍රතිශතයක් වීම නිසා බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සියයට 15 බස් ගාස්තු වැඩිවීමක් අනිවාර්යෙන්ම හිමි විය යුතු බව කී විජේරත්න මහතා ගාස්තුව වැඩි කරන තෙක් ධාවනය ප්‍රායෝගික ලෙසම කළ නොහැකි බව ද පවසයි.මේ අතර පෞද්ගලික බස් සඳහා රජය මඟින් ඉන්ධන සහනාධාරයක් ලබානොදෙන්නේ නම් සියයට 30 කින් බස් ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කරයි.

කාලීන පුවත්