බැඳුම්කර වංචා පාස්කු ප්‍රහාර විමසුම් දැනටමත් පටන් අරන්;සමහර විට රනිලුත් නීතිය හමුවට

බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්ෂණ සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජනාධිපති මුක්තිය අවසන්ව ඇති බැවින් ඔහුට ද ඇතැම් විට නීතිය හමුවේ පිළිතුරු ලබාදීමට සිදුවනු ඇතැයි ද ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවැසීය.ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (01) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය. ඉහත විමර්ශන කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව මත එම පියවර ගත් බව ඇමැතිවරයා කියා සිටියේ ඒවායේ ප්‍රතිඵල නොපමාව ජනතාවට දැන ගන්නට ඉඩ ලැබෙන බවකි.

කාලීන පුවත්