රජය විසින් පාලන මිලක් පැනවීමත් සමඟ බිත්තරයක් රුපියල් 40 ත් 45 ත් අතර තොග මිලකට අළෙවි වන බව පිටකොටුව වෙළෙඳ ව්‍යාපාරික ආරංචි මාර්ග සඳහන් කරයි.එසේ වුව ද පසුගිය දිනවල පැවති මිල ඉහළයාම හේතුවෙන් තවමත් ගැනුම් කරුවන් වෙළෙඳසැල්වලට නොපැමිණීම හේතුවෙන් බිත්තර අළෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව එම ව්‍යාපාරිකයෝ වැඩිදුරටත් පවසති.