බිත්තරයක් රුපියල් 36කට දෙන්න පුළුවන්;ඒත් ගන්න කවුරුත් නෑ

දැනට පවත්නා තත්වයන් යටතේ දේශීය බිත්තරයක් රුපියල් 36කට වෙළෙඳපොළට නිකුත් කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය කැමැත්ත පළ කළත් ඒවා ලබා ගැනීමට කිසිම ආයතනයක් හෝ රජයේ ආයතනයක් ඉදිරිපත් නොවන බව එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි.දැනට සිය සංගමයේ සාමාජිකයන් 3000කට අධික පිරිසක් කුකුළු ගොවිපල කර්මාන්තයේ යෙදී සිටින බවත් සංගමයේ සාමාජික කැපවීම මත දෛනිකව නිෂ්පාදනය ඉතා දියුණු මට්ටමක පවතින බවත් ඒ නිසා දේශීය පාරිභෝගික අවශ්‍යතා මුළුමනින්ම සපුරාලන අන්දමින් බිත්තර සැපයීම ඉතා පහසුවෙන් කළ හැකි බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

කාලීන පුවත්