බියකරු ප්‍රතිඵල ගෙන දෙන තාප තරංග බලපෑමෙන් අත් මිදෙමු

මේ දිනවල සූර්යයා ශ්‍රී ලංකාවට ඉහළින් ගමන් කිරීම ෆැසිපික් සාගරයේ එල්නිනෝ බලපෑම යන හේතු මත මේ දිනවල දිවයිනේ උෂ්ණත්වය සැලකිය යුතු ලෙසින් ඉහළ නැංවී තිබේ.කාලගුණ විද්‍යාඥයන් හට ප්‍රකාශ කරන පරිදි ඉන්දියාව, චීනය, තායිලන්තය, බංග්ලාදේශය හා ගිණිකොනදිග ආසියානු රටවල් හා මධ්‍ය ආසියානු රටවල් තාප තරංග( Heat waves )තත්වයකට පවා ගොදුරු වෙමින් පවතී.ඉන්දියාවේ හා චීනයේ මේ වන විට වාර්තාගත උෂ්ණත්වයක් ඇති අතර ඇතැම් ප්‍රදේශ වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇත. මේ දිනවල අප රටේ පවතින ඉහළ උෂ්ණත්වය ද සති කිහිපයක් පුරා පැවතිය හැක. මෙම තත්වය ඉහළ නැංවී ඉන් ඇති වන තාප තරංග නම් වන සංසිද්ධිය සහ සෞඛ්‍යයට සහ ජීවිතයට ඉතා බරපතල ප්‍රතිවිපාක ඇති කළ හැකිය. මේ වන විට මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව සහ ආසියාවේ තවත් රටවල් තාප තරංගයක් අත්විඳිමින් සිටී.එහෙත්, අප රට තාප තරංග බලපෑමට නතු වේදැයි දැන්ම කිව නොහැක.මැද පෙරදිග කාන්තාර පසු කොට හමන උණුසුම් වායු ධාරා දිවයින තුළට පිවිසීම මත ලබන මැයි 22 දා රට තුළට පිවිසීමට නියමිත නිරිත දිග මෝසම් ප්‍රවාහය තෙක් මෙම තාප තරංග ප්‍රවාහ බලපෑම හට ගත හැක. මෙම තාප තරංග බලපෑම මිනිසුන්ටත් සතුන්ටත් එක සේ අහිතකර වූවකි.

මෙම තාප තරංග තත්වය යටතේ ලැව් ගිනි හට ගත හැකි අතර එමඟින් එම තත්වය උග්‍ර වෙයි.එමෙන්ම මෙවන් තත්වයක් තුළ විදුලි පංකා සහ වායු සමන යන්ත්‍ර විශාල ප්‍රමාණයක් එක් වර ක්‍රියාත්මක කිරීමට යාමෙන් විදුලිය බිඳ වැටීමෙන් එහි අනතුරු දායක බව තවත් ඉහළ නැංවෙනු ඇත.

තාප ආඝාතය(Heat stroke ) යනු තාප තරංග හා සම්බන්ධ බරපතලම රෝගයයි. ශරීර උෂ්ණත්වය දරා ගැනීමට නොහැකි වූ විට එය සිදු වේ.තාප ආඝාතය හටගත් විට ශරීරයේ උෂ්ණත්වය වේගයෙන් ඉහළ යයි, දහඩිය දැමීමේ යාන්ත්රණය අසමත් වන අතර ශරීරය සිසිල් කිරීමට නොහැකි වේ. තාප ආඝාතය සිදු වූ විට, ශරීර උෂ්ණත්වය විනාඩි 10 සිට 15 දක්වා කාලය තුළ ෆැරන්හයිට් 106 හෝ ඊට වැඩි විය හැක. පුද්ගලයා හදිසි ප්‍රතිකාර ලබා නොගන්නේ නම් තාප ආඝාතය ස්ථිර ආබාධිත හෝ මරණයට හේතු විය හැක.
දැන් අපි තාප ආඝාතය සම්බන්ධ රෝග ලක්ෂණ විමසා බලමු
ව්‍යාකූලත්වය, වෙනස් වූ මානසික තත්ත්වය, නොපැහැදිලි කථාව,සිහිය නැතිවීම (කෝමා)උණුසුම්, වියළි සම හෝ අධික ලෙස දහඩිය දැමීම ඉතා ඉහළ ශරීර උෂ්ණත්වය ඒ අතුරින් මුල් තැනක් ගන්නා අතර එම තාප ආඝාතයෙන් වැලකීම පිණිස ඔබ විසින් ගත යුතු ප්‍රධාන කාරියන් කිහිපයක් පිළිබඳව මෙසේ දැනුවත් වෙමු.එළිමහනේ තාපය බහුල ස්ථාන වල කය වෙහෙසා වැඩ කිරීම සහ ක්‍රීඩා කිරීම ඉතා කල්පනාකාරීව සිදු කළ යුතුය.විශේෂයෙන් පාසල් ක්‍රීඩා තරඟ පැවැත්වීමේ දී මෙම කරුණ කෙරෙහි ගුරුවරුන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ය.ඊට හේතුව තරඟ ජය කෙරෙහි පූර්ණ අවධානයෙන් පසුවන දරුවන් ගේ මනැස් තුළින් තමන් මුහුණ පාන අවදානම් තත්වය පිළිබඳ වැටහීම අඩු වීමට ඇති හැකියාව ය.
අපගේ කුඩා රුධිර වාහිනී පුපුරා යා හැකි බැවින් උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ළඟා වූ විට ඉතා සීතල ජලය පානය නොකරන්න. විශේෂයෙන් එළිමහනේ තාපය සෙල්සියස් අංශක 38 C දක්වා ළඟා වූ විට සහ ඔබට දැනෙන පිපාසය හමුවේ නිවසට පැමිණෙන විට, සීතල වතුර බොන්න එපා .මඳ උණුසුම් ජලය පමණක් සෙමින් බොන්න. දැඩි තාපයෙන් අත් මිදුණු සැනින් ඔබේ අත් හෝ පාද එක් වරම සෝදන්න එපා.සේදීමට හෝ ස්නානය කිරීමට පෙර අවම වශයෙන් පැය භාගයක්වත් රැඳී සිටින්න.මෙහි දී විශේෂයෙන් කිව යුතු දෙයක් තිබේ.ජලය පානය කිරීමට පිපාසය ඇති වන තෙක් බලා නොසිටින්න. අතිරික්ත තාපය සමඟ තරල වේගයෙන් නැති වී යන බැවින් ශරීරයට නිරන්තරයෙන් ජල සැපයුමක් තිබීම අත්‍යවශ්‍ය වේ.නැවුම් ආහාර අනුභව කරන්න. උණුසුම් ආහාර අනුභව කිරීමෙන් වළකින්න.දහවල් කාලයේදී එළියට යාමෙන් හැකිතාක් වළකින්න: එම කාලය තුළ කිරණ වඩාත් දැඩි ලෙස පැමිණේ, එම නිසා ඒවා බිම හා ශරීරයට වැඩි බලපෑමක් ඇති කරයි.සූර්යය රශ්මියෙන් හැකිතාක් ආරක්ෂා වන්න.සැහැල්ලු පාට ඇඳුම් අඳින්න . අව් කණ්නාඩි පළඳින්න,ජලාශ ආශ්‍රිත පරිසරයන් සේම තුරු සෙවන සහිත ස්ථාන ද ඔබ තාප ආඝාතයෙන් මුදා ලන ක්ෂේම භූමි බව මතක තබා ගන්න.

දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර