බෙහෙත් ගැන පැණි රස සහ තිත්ත රස තොරතුරු – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

බෙහෙත් පෙති, සිරප්, උරන බෙහෙත්(ඉන්හේලර්), ආලේප වශයෙන් බෙහෙත් වර්ග ගණනාවකි. සෑම බෙහගැන ක්ම හැඳින්වීමට ඖෂධීය නමක් ඇත. මෙම නම ලෝකයේ ඕනෑම රටක, ඕනෑම වෛද්‍යවරයෙක් හඳුනයි. ඖෂධයේ සාමාන්‍ය නම සහ ඖෂධීය නාමය වෙනස් ය. එකම ඖෂධය විවිධ සමාගම් මගින් නිපදවනු ලබයි . එම සමාගම විසින් ඒ ඖෂධයට තමන් කැමති නමක් යොදනු ඇත. පොදුවේ භාවිතා වන සාමාන්‍ය නම එයයි. එක උදාහරණයක් වන්නේ පැරසිටමෝල් නමැති ඖෂධීය නම සහිත වේදනානාශක ඖෂධය, වෙනත් ප්‍රසිද්ධ වෙළඳ නාමයක් යටතේ සාමාන්‍ය වෙළඳසැල්වලින් පවා මිලදී ගැනීමේ පහසුව තිබීම ය.
ඖෂධයේ තත්ත්වය තීරණය වන්නේ එය නිපදවන සමාගමේ දක්ෂතාවය අනුවයි. සෑම බෙහෙත් වර්ගයක්ම එක හා සමාන හොඳයි යනුවෙන් සෑම ඖෂධ සමාගමක්ම පවසනු ඇත. ටයි පටියක් පැළඳ බෙහෙත් බෑග් එකක් ද ගෙන වෛද්‍යවරුන් පසුපස එන ඖෂධ සමාගම්වල අලෙවි නියෝජිතවරුන් ඔබත් දැක ඇතැයි සිතමු.

බෙහෙත් ද මේ ආකාර වේ. සෑම ඖෂධ සමාගමක්ම තමන්ගේ ඖෂධ පිළිබඳව කොතෙක් වර්ණනා කළත් හොඳම දේ දන්නේ වෛද්‍යවරයා ය . සමහර සමාගම්වලින් හොඳයි කියා ඉදිරිපත් කරන ඖෂධවල නිසි ගුණයක් නොමැති බව වෛද්‍යවරයා දනී. එයට හේතුව එම ඖෂධවලින් රෝගය සුව නොවුණොත් ඒ සෑම රෝගියෙක්ම යළි වෛද්‍යවරයා වෙත පැමිණෙන නිසා ය.
සමහරු රෝගය සුව නොවන විට වෛද්‍යවරයා මාරු කරති. එකම දේ දිගින් දිගටම සිදු වෙනවිට වෛද්‍යවරයා හොඳින් බෙහෙත් හඳුනා ගනී. මෙසේ වන්නේ අප බලාපොරොත්තු වන ඖෂධය මෙම බෙහෙත් පෙත්ත තුළ නොමැති වීම නිසා නොවේද? සෑම බෙහෙතක්ම හොඳ බව ෆාමසියේ සේවකයින් පවසනු ඇත. නමුත් හොඳ දේ සහ නරක දේ ගැන ඔවුහු නොදනිති.

කිරිපිටි, සබන්, මදුරු දඟර මෙකී නොකී විවිධාකාර වූ ආහාරද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ විවිධ සමාගම්වලින් තමන්ට කැමති වෙළඳ නම් සමග ඔබ කරා පැමිණෙනවා නොවේද? ඒ සියලුම දේ හොඳයි කීවද ඔබ මිලදී ගන්නේ ඔබට දැනෙන පරිදි වඩාත් හොඳ දෙය පමණි. බෙහෙත් ද මේ ආකාර වේ. සෑම ඖෂධ සමාගමක්ම තමන්ගේ ඖෂධ පිළිබඳව කොතෙක් වර්ණනා කළත් හොඳම දේ දන්නේ වෛද්‍යවරයා ය . සමහර සමාගම්වලින් හොඳයි කියා ඉදිරිපත් කරන ඖෂධවල නිසි ගුණයක් නොමැති බව වෛද්‍යවරයා දනී. එයට හේතුව එම ඖෂධවලින් රෝගය සුව නොවුණොත් ඒ සෑම රෝගියෙක්ම යළි වෛද්‍යවරයා වෙත පැමිණෙන නිසා ය.
සමහරු රෝගය සුව නොවන විට වෛද්‍යවරයා මාරු කරති. එකම දේ දිගින් දිගටම සිදු වෙනවිට වෛද්‍යවරයා හොඳින් බෙහෙත් හඳුනා ගනී. මෙසේ වන්නේ අප බලාපොරොත්තු වන ඖෂධය මෙම බෙහෙත් පෙත්ත තුළ නොමැති වීම නිසා නොවේද? සෑම බෙහෙතක්ම හොඳ බව ෆාමසියේ සේවකයින් පවසනු ඇත. නමුත් හොඳ දේ සහ නරක දේ ගැන ඔවුහු නොදනිති.
ඔබට නියම කරන ලද බෙහෙත සමහරවිට ඔබේ ෆාමසියේ අවසන් වී තිබිය හැකිය . එවිට සමහරවිට ඔවුන් කරන්නේ බෙහෙත නැති බව නොපවසා වෙනත් ආදේශක බෙහෙතක් ලබාදීමයි. ආදේශක බෙහෙත වැඩ කරන්නේ නැති වූ විටදොස් අසන්නේ බෙහෙත ලියා දුන් වෛද්‍යවරයා ය.

බෙහෙත්වල පාට, හැඩය, කවරයේ පෙනුම සමාගමෙන් සමාගමට වෙනස් වනු ඇත . මේ නිසා බෙහෙත් හඳුනා ගැනීම සඳහා අඹ ගෙඩියක්, කෙසෙල් ගෙඩියක් මෙන් බෙහෙත් පෙත්ත පෙන්නුවාට වැඩක් වන්නේ නැත. බෙහෙත් හඳුනා ගන්න නම් බෙහෙත් කවරයේ මුද්‍රණය කර ඇති නම හඳුනාගත යුතුය. ඖෂධීය නම කුඩා අකුරෙන් සඳහන් වන අතර වෙළඳ සමාගම විසින් ඖෂධයට ලබා දී ඇති නම ලොකු අකුරෙන් සටහන් වී තිබේ. සමාගමේ නමත්, ඔවුන්ගේ වෙළෙඳ සලකුණත් යන සියල්ල මුද්‍රණය කර ඇත.
බෙහෙත් කල් ඉකුත් වී යා හැකි බැවින් කල් ඉකුත්වන දිනය ද දැනගත යුතුය. සමහර බෙහෙත් පරිසර උෂ්ණත්වයේ තැබිය හැකි අතර සමහර බෙහෙත් තැබිය යුත්තේ ශීතකරණයකය. ඒ ශීතකරණයෙහි අයිස් දමන අධිශීතකරණ කුටිය තුළ නොවේ.

ඖෂධයේ ප්‍රමාණය මිලිග්‍රෑම්වලින් දක්වා තිබිය හැකිය. සමහර බෙහෙත් අංශුමාත්‍ර වශයෙන් ලබා දෙන නිසා ඒවායේ බර මනින්නේ මිලිග්‍රෑම්වලටත් වඩා කුඩා ඒකකයක් වන මයික්‍රො ග්‍රෑම්වලිනි. මයික්‍රො ග්‍රෑම් එකක් යනු මිලි ග්‍රෑම් එකකින් දහසකින් කොටසකි.
වෛද්‍යවරයා නියම කරන තුණ්ඩුවේ ඔබගේ නම, වයස, බෙහෙත් නියම කරන ලද දිනය, අවශ්‍ය බෙහෙත් වර්ග එකක් යට එකක්, මිලි ග්‍රෑම් කීයක් ද යන වග, දවසට කී වතාවක්ද යන්න, කොයිතරම් කාලයකටද යන්න, ඔහුගේ අත්සන, නිල මුද්‍රාව යන සියල්ල අඩංගුවේ.
සමහර බෙහෙත්වල වෛද්‍යවරයා ඔබට නියම කර ඇත්තේ මිලිග්‍රෑම් තිහක් ගැනීමට නම් මිලි ග්‍රෑම් හැටේ පෙත්ත, දෙකට කඩා බාගයක් ගැනීම මුදල් ඉතුරු කර ගැනීමකි. නමුත් මේ සඳහා හරියටම බාගයක් ලැබෙන සේ හරි මැදින් දෙකට කඩා ගත යුතුය. මෙය පහසු කර ගැනීමට, සමහර බෙහෙත්වල හරි මැදින් ඉරක් ලකුණු කර තිබේ.
බෙහෙත් උගුරෙන් පහළට ගිය පසු ඒවා ආමාශයේ දී කෑලි කැඩී දියවී වතුර සමඟ මිශ්‍ර වී ශරීරයට උරා ගන්නා අතර ලේවල දියවී ශරීරය පුරා ගමන් කරයි. රෝගය පවතින ස්ථානයට ද බෙහෙතෙන් යම් ස්වල්පයක් ගමන් කර එම ස්ථානයේ ඇති රෝගය සුවපත් කරනු ලබයි.
සමහර බෙහෙත් ශරීරයේ ටික වේලාවක් පවතින අතර සමහර බෙහෙත් දිගු වේලාවක් පවතී. අක්මාව වකුගඩු වැනි ස්ථානවලින් ක්‍රමක්‍රමයෙන් බෙහෙත ශරීරයෙන් ඉවත් වී යයි. මේ හේතුව නිසා සමහර බෙහෙත් පැය හයකට වරක් ගැනීමට නියම කෙරේ. සමහර බෙහෙත් දිනකට එක් වරක් ගැනීම ප්‍රමාණවත් ය. පැය හයකට වරක් ගත යුතු බෙහෙත් ගැනීමේ දී ඔබට නින්දෙන් අවදි වීමට සිදුවිය හැකිය .

සමහර බෙහෙත් කෑමට පෙර ගත යුතුය. තවත් සමහර බෙහෙත් ගත යුත්තේ කෑමට පසුවය. කෑමට පෙර බෙහෙත් බොනවා යනු බෙහෙත් බිව් සැණින් ආහාර ගැනීම නොවේ. කෑමට පෙර ගත යුතු බෙහෙත් ආමාශයේදී කෑම සමග නොගැටිය යුතුය. එනිසා බෙහෙත් පෙති ගත්පසු පැය භාගයක්වත් ආහාර නොගෙන සිටිය යුතුය.
“සමහර බෙහෙත් ඌෂ්ණයි. ඒ නිසා තැඹිලි බොන්න ඕනෙ” යනුවෙන් පවසන අය සිටිති. නමුත් මෙය සම්පූර්ණයෙන්ම මිථ්‍යා මතයකි .

සමහර බෙහෙත් කෑමට පෙර ගත යුතුය. තවත් සමහර බෙහෙත් ගත යුත්තේ කෑමට පසුවය. කෑමට පෙර බෙහෙත් බොනවා යනු බෙහෙත් බිව් සැණින් ආහාර ගැනීම නොවේ. කෑමට පෙර ගත යුතු බෙහෙත් ආමාශයේදී කෑම සමග නොගැටිය යුතුය. එනිසා බෙහෙත් පෙති ගත්පසු පැය භාගයක්වත් ආහාර නොගෙන සිටිය යුතුය.
“සමහර බෙහෙත් ඌෂ්ණයි. ඒ නිසා තැඹිලි බොන්න ඕනෙ” යනුවෙන් පවසන අය සිටිති. නමුත් මෙය සම්පූර්ණයෙන්ම මිථ්‍යා මතයකි . තැඹිලිවලට කළ හැකි දෙයක් මෙහිදී නැත. එසේම විශේෂයෙන් කිවයුතු දෙයක් වන්නේ සමහර ලෙඩ රෝගවලට තැඹිලිවල අඩංගු පොටෑසියම් විෂ විය හැකි බවය. මේ ගැන ඔබට වෛද්‍යවරයාගෙන් විමසිය හැකිය.
සමහර බෙහෙත් වර්ග ආමාශය තුළදී වෙනත් බෙහෙත් සමග ගැටුම් ඇතිකරගන්නා නිසා ඔබ දැනට පාවිච්චි කරන බෙහෙත් ගැන වෛද්‍යවරයා දැනුවත් කිරීම අවශ්‍ය ය. සමහර විට
වෛද්‍යවරයා නිර්දේශ කරන බෙහෙත් වෙනත් වෛද්‍යවරයෙක් ඔබට දැනටමත් ලබා දී තිබෙන්නට පුළුවන. ඒ සමාගම් දෙකකින් සාදන ලද බෙහෙත් වර්ග දෙකක් නම් ඔබ සිතන්නේ බෙහෙත් වර්ග දෙකක් ලෙස ය. නමුත් ඇත්තටම එය එකම බෙහෙත විය හැකිය. හරියටම කිවහොත් මෙය එකම එළවළු භාජනයකට දෙදෙනෙක් විසින් වාර දෙකකට ලුණු දැමුවා හා සමාන ය. දැන් මේ ව්‍යංජනය ලුණු වැඩි වී කන්නට බැරි වෙනවා නොවේද ?

සමහර බෙහෙත්, කිරිදෙන අම්මලාට සුදුසු නැත. එයට හේතුව බෙහෙත් මව්කිරිවලට එකතු වී දරුවාගේ ශරීරයට ද ඇතුල් විය හැකි නිසා ය. ගර්භනී මව්වරුන් ද මේ සම්බන්ධව ප්‍රවේසම් විය යුතුය. සිරුරට ගන්නා බෙහෙත් දරු ගැබ තුළට ද ඇතුළු විය හැකි බැවිනි. මෙවැනි තත්ත්වයන් ගැන කලින්ම වෛද්‍යවරයා දැනුවත් කළ යුතුය.
වෛද්‍ය අවවාදයකින් තොරව එකම බෙහෙත දිගින් දිගටම ගන්නා රෝගීන් විශේෂයෙන් මතක තබාගත යුත්තක් තිබේ. සමහර බෙහෙත් ශරීරය තුළ එක්රැස් විය හැකිය. එසේම ශරීරයේ තත්ත්වයන් නිරන්තරයෙන්ම වෙනස් වීමකට භාජනය වන නිසා එදා ගත් බෙහෙත අද ට සුදුසු ද යන ගැටලුවක් ද තිබේ. තවත් ගැටලුවක් වන්නේ එක්වරම හට ගන්නා සමහර අතුරු ආබාධ රෝගියාට නොදැනී යාම ය. මේ හේතුන් නිසා ඔබට නිතර වෛද්‍යවරයා හමුවීමට නොහැකි නම් එයත් මුලින්ම වෛද්‍යවරයාට පැවසිය යුතු වෙයි. කිසිම බෙහෙතක් හිතුමනාපයට පරිහරණය නොකළ යුතුය.
සමහර රෝගීන් තමන්ගේ අසනීපය අඩු වූ පසු බෙහෙත් නවත්වන්නේ හිතුමනාපයට ය. නමුත් එය තවත් කරදරයක් ඉල්ලා ගැනීමකි .
සමහර රෝගීහු නින්ද යන්නේ නැති බව පවසා නිදා ගැනීමට බෙහෙත් පෙත්තක් ලබා ගනිති. නමුත් දී ඇති අනෙක් බෙහෙත් සියල්ල සමඟ ඒ නිදි බෙහෙත බී රෝගියා යන්නේ ඇඳට නොවේ. එක්කෝ ගෙදර විවිධාකාර වැඩ ය. සමහර විට ගේට්ටුවෙන් ඇසෙන ශබ්දයක් සොයන්නට යයි. නිදි බෙහෙත් ගත් පසු කොහේ සිටියත් නින්දට වැටෙන බව මතක තබා ගත යුතුය.

ඉංග්‍රීසි බෙහෙත් නමින් හඳුන්වන බටහිර ඖෂධ ඉතාමත් බලසම්පන්න ය. එය කියන දේ අනිවාර්යෙන්ම සිද්ධ කරනු ඇත. ඔබගේ කාමරයේ විදුලි පහන ඔබම නිවා දැමුවාට පසු ආලෝකය සොයා වැඩක් නෑ නේද? පහන නිව්වාට පසු ලැබෙන්නේ අඳුර ය.
සෑම ඖෂධයකටම වාගේ අතුරු ආබාධ එකක් හෝ ගණනාවක් පැවතිය හැකිය. ඔබට ඖෂධ ලබා දෙන්නේ සිදුවිය හැකි අතුරු ආබාධ සියල්ල වෛද්‍යවරයා කලින්ම හොඳින් දැනගෙන ය. පුදුම වීමට කිසිවක් නැත. මෙම ඖෂධය ඔබට ලබා දුන්නේ ඖෂධයේ ගුණ, අතුරු ආබාධවලට වඩා බලසම්පන්න නිසා ය. අතුරු ආබාධ සිදුවන්නේ කාට කොයි වෙලාවේද යන්න කලින් කියන්නට බැරි ය. මේවා ජීවිත තර්ජන නොවේ.

ඉංග්‍රීසි බෙහෙත් නමින් හඳුන්වන බටහිර ඖෂධ ඉතාමත් බලසම්පන්න ය. එය කියන දේ අනිවාර්යෙන්ම සිද්ධ කරනු ඇත. ඔබගේ කාමරයේ විදුලි පහන ඔබම නිවා දැමුවාට පසු ආලෝකය සොයා වැඩක් නෑ නේද? පහන නිව්වාට පසු ලැබෙන්නේ අඳුර ය.
සෑම ඖෂධයකටම වාගේ අතුරු ආබාධ එකක් හෝ ගණනාවක් පැවතිය හැකිය. ඔබට ඖෂධ ලබා දෙන්නේ සිදුවිය හැකි අතුරු ආබාධ සියල්ල වෛද්‍යවරයා කලින්ම හොඳින් දැනගෙන ය. පුදුම වීමට කිසිවක් නැත. මෙම ඖෂධය ඔබට ලබා දුන්නේ ඖෂධයේ ගුණ, අතුරු ආබාධවලට වඩා බලසම්පන්න නිසා ය. අතුරු ආබාධ සිදුවන්නේ කාට කොයි වෙලාවේද යන්න කලින් කියන්නට බැරි ය. මේවා ජීවිත තර්ජන නොවේ. ඉවසා සිටින්නට පුළුවන් කරදර පමණි. ඔබ යමක් හඳුනාගතහොත් වෛද්‍යවරයාට මෙය පැවසිය යුතුය. ඒත් සමහර අතුරු ආබාධ රෝගියාට නොදැනෙයි. නමුත් වෛද්‍යවරයා මේ ගැන විමසිලිමත් නිසා ඔබට නැතත් වෛද්‍යවරයාට මෙය හඳුනා ගැනීමට හැකි වනු ඇත. නැවතත් බෙහෙත ශරීරයට වැටුණොත් නැවතත් එම කරදරයම පැමිණිය හැකි නිසා සමහරවිට වෛද්‍යවරයා බෙහෙත වෙනස් කළ හැකිය. අතුරු ආබාධ යනු වෛද්‍යවරයාගේවත් ඖෂධයේවත් අඩුපාඩුවක් නොවේ. බාල බෙහෙත්වල අතුරු ආබාධවත් නැත.

සමහර බෙහෙත් යම් කෙනෙකුට අසාත්මික විය හැකි වුවහොත් බෙහෙත ශරීරයට වැටුණු විගස ශරීරය කසන්නට පටන් ගැනීම, ශරීරයේ යම් කොටසක ඉදිමීම, පලු දැමීම, හුස්ම ගැනීම අපහසුවීම වැනි ලක්‍ෂණ ඇතිවේ. එවැනි දෙයක් ඔබ දැනගතහොත් බෙහෙත ගැනීම නැවැත්විය යුතුය. වෛද්‍යවරයා හමුවී ඔහු ඔබට ලබා දුන් බෙහෙත් වර්ගයෙහි ඖෂධීය නම දැනගෙන සටහන් කර අනාගතය සඳහා ප්‍රවේශම් කරගත යුතුය.
මතු දිනක යළි ප්‍රතිකාර ගන්නාවිට මේ බෙහෙතම නැවතත් ඇඟට වැටුණොත් දෙවන වර ඇතිවන අසාත්මිකතාවය ඉතාමත් බරපතළ විය හැකිය. ඔබට මේ සිද්ධිය පසුව අමතක වී යා හැකි මුත් ශරීරය මුළු ජීවිත කාලය පුරාම මෙය හොඳින් මතක තබා ගන්නවා ඇත.
කොයිතරම් කල් බෙහෙත් ගතයුතු ද යන්න සමහර අයට නැගෙන ප්‍රශ්නයයි. උණ හෙම්බිරිස්සාව, තුවාල යම් දිනකදී සුව වෙන බව ඔබ දනී. නමුත් වයස්ගතවන විට අපේ ශරීරය විවිධ කොටස් කඩා වැටෙන්නේ යළි කවදාවත් මුලින් සිටි තැනට එන්නට නොවේ. ඒ නිසා සමහර ඖෂධ වෛද්‍ය උපදෙස් මත ජීවිතය ඇතිතුරු ගත යුතු වෙයි.

එකම ඖෂධීය නාමය තියෙන බෙහෙත් වර්ග දෙකක මිල අහස පොළොව තරම් වෙනස් වන අවස්ථා තිබේ. හේතුව එම බෙහෙත මේ ලෝකයට හඳුන්වා දුන් සමාගම එම බෙහෙත සොයා ගැනීමට විශාල වියදමක් දරා ඇති බව සහ අනෙකුත් සමාගම මුල් සමාගම සොයා ගත් බෙහෙත කිසිම වියදමක් නැතුව පිටපත් කර ඇති නිසා ය. බෙහෙතක් සොයා ගැනීමට විශාල වියදමක්, කාලයක් සහ කැප කිරීමක් අවශ්‍ය වේ. මුලින් සතුන් යොදාගෙන සියලු අත්හදා බැලීම් සිදු කෙරේ. එක වගේ මිනිසුන් දහස් ගණනක් සමාන කාණ්ඩ දෙකකට බෙදා එක කාණ්ඩයකට බෙහෙත ලබා දී අනෙක් කාණ්ඩයට බෙහෙතට හැම අතින්ම සමාන හැඩරුව ඇති, නමුත් ක්‍රියා නොකරන නිකන්ම නිකන් පෙත්තක් පමණක් ලබාදීම සිදුකරයි. මෙම කාණ්ඩ දෙක තුළ අපට වුවමනා කරන ප්‍රතිඵලය ලැබෙන ප්‍රමාණය වෙන් වෙන්ව ගණනය කරනු ලැබේ. බෙහෙත ලබා දුන් කණ්ඩායමටත්, බෙහෙත ලබා නොදුන් කණ්ඩායමටත් අවසන් ප්‍රතිඵලය සමාන නම් එහි තේරුම බෙහෙත ප්‍රයෝජනයක් නැති බව ය. අනෙක් අතට බෙහෙත ලබා දුන් කණ්ඩායමට විශාල වශයෙන් ප්‍රතිඵලයක් පෙන්වීම යනු බෙහෙත වැඩ කරනවා යන්නයි.
බෙහෙත්වල මිල ඉතා අධික නම් මිල අඩු බෙහෙත් ෆාමසියෙන් ඉල්ලා සිටීමෙන් වළකින්න. වෛද්‍යවරයා සමඟ එය කලින්ම කතා කර ගතයුතු දෙයකි.

ෆාමසිවල ඔබ දකින බෙහෙත් ඉතාමත් ශක්තිමත් ය. අප රටේ වැඩිහිටියන් සියලුම දෙනා පාහේ අද ජීවත් වන්නේ බෙහෙත් නිසා ය. අප රටේ බෙහෙත් නොතිබුණේ නම් නාගරික පරිසරවල වැඩිහිටියන් දකින්නට නොලැබෙනු ඇත.
ඔබට බෙහෙත් නිර්දේශ කරන වෛද්‍යවරුන් පාසලේ සිටි අති දක්ෂ කණ්ඩායමකි. විභාග ඉහළින් සමත් වී වෛද්‍යවිද්‍යාලයේ වසර පහක් ඉගෙනගෙන රෝහල්වලින් පුහුණුවී සියලු විභාග සමත් වී සිටිනා පිරිසකි. විශේෂඥ වෛද්‍යවරයෙක් නම් තවත් වසර ගණනාවක් රෝගීන් සමඟ ජීවත් වී වෙනත් රටවල්වලින් ද තව දුරටත් වැඩිදුර පුහුණුව ලත් අයෙකි. ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ ලෝකයේ ඕනෑම රටක ලැබෙන සෞඛ්‍ය සේවාවට නොදෙවැනි සේවාවක් ලැබීමට ඔබටත් හිමිකම ඇත.

කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

ඉන්දු පෙරේරා

විනිවිද සායනය