බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී ජීව අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා සිටි වෛද්‍ය ෂර්ලි හේරත් මහතා අද(14) ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය..ඒ ඔහු අද කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.වෛද්‍ය ෂර්ලි හේරත් මහතා මසකට ආසන්න කාලයක් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා සිටියේ ය.
අද මෙම සිද්ධිය කැඳවූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ, දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමින් සිද්ධිය සම්බන්ධව වැඩිදුරටත් විමර්ශන කරන බවයි.
බෙල්ලන්විල රජමහා විහාරස්ථාන පරිශ්‍රය ,කොළඹ ලංකා පෞද්ගලික රෝහලේ, බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයෙත් බෝම්බ තැබීමේ සිද්ධියේ සැලසුම්කරු ලෙස සැකකාර වෛද්‍යවරයා කටයුතු කර ඇති බව අනාවරණය වෙමින් ඇතැයි දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ ය.
ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අද අධිකරණයෙන් ඉල්ලා සිටියේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරු නඩු කටයුතු අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.නමුදු සැකකරු නඩු කටයුතු අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට පැමිණිල්ල ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධව එදිනට සලකා බලන බව ද විනිසුරුවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.