ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ 78ක ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සංචාරක සහ කර්මාන්ත යන ක්ෂේත්රයන් හි ප්‍රවර්ධනය උදෙසා අවශ්‍ය වන භාණ්ඩ රැසක් ඒ් අතර වන බවයි. ශීතකරණ, අධි ශීතකරණ, ඇගලුම්, සෙරමික් භාණ්ඩ, ටයිල්, රෙදි සෝදන යන්ත්‍ර, ගුවන්විදුලි යන්ත්‍ර, වොටර් හීටර්, බ්රේක් ලයිනර් සහ බ්රේක් පෑඩ්ස් ඒ අතර වෙයි.
මෙලෙස ආනයන සීමා ඉවත් කළ භාණ්ඩ අතුරින් 15ක් සඳහා ඒ ක්ෂේත්රවල බලධාරීන්ගේ නිර්දේශ මත ආනයන අපනයන පාලකගේ අනුමැතියෙන් ආනයනය කිරීමට අවසර හිමිව තිබේ. ඒ අතරට රූපලාවාන්‍ය උපකරණ, සුවඳ විලවුන්, දන්ත සෞඛ්‍ය උපකරණ ඇතුළත් වේ. මේවා ආනයනය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීයාගේ හෝ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ හෝ නිර්දේශය අවශ්‍ය වේ.