භික්ෂූන් සක‍්‍රීය දේශපාලනයට පිවිසීමට අමරපුර සංඝ සභාව එකඟ නෑ

භික්ෂූන් වහන්සේ සක‍්‍රීය දේශපාලනයට පිවිසීම තම ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව කෙසේවත් අනුමත නොකරන බව ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී බලපිටියේ සිරි සීවලී හිමියෝ අවධාරණය කරති.කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කියා සිටියේ භික්ෂු විනය රැකගැනීම සඳහා ඒ සම්බන්ධ බලතල ඒ ඒ නිකායික මහ නා හිමි වරුන්ට පවරමින් රජය ගෙන ඒමට බලාපොරොත්තු වන ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනතට තම සංඝ සභාවේ පූර්ණ සහය ලබා දෙන බවකි.

කාලීන පුවත්