භූ කම්පන ගැන බුත්තල හා වැල්ලවාය ජනතාව දැනුවත් කෙරෙති

හදිසි භූ කම්පන තත්වයක් ඇතිවුව හොත් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් පසුගියදා පැවැත්විණ. මේ මාසයේ අවස්ථා කිහිපයකදීම මොණරාගල දිස්ත්‍රික්කයෙන් භූ චලන වාර්තා විය. පළමුවැන්න පසුගිය 10 වැනිදා බුත්තල පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව ආසන්න ප්‍රදේශයෙන් වාර්තා වු අතර එය රිච්ටර් මාපකයේ ඒකක 3 ක් ලෙස සටහන් වී තිබිණි. දෙවන භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 3 යි දශම 5 ක් ලෙස දැක්විණි. තුන්වන භූ කම්පනය වැල්ලවාය නගරාසන්නයේ පසුගිය 11 වැනිදා වාර්තා විය. රිච්ටර් මාපකයේ එය සටහන් වුයේ 2 යි දශම 3 ක් ලෙසිනි. ඉදිරියේදී මොණරාගල දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි එම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සැලසුම් කර තිබේ.භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් සිදුවු භූ කම්පන පිළිබඳව පුඵල් අධ්‍යයනයක් සිදු කර ඇති අතර එහි වාර්තාව ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

කාලීන පුවත්