මට යන්න කියන්නේ කීප දෙනයි අන්තර් පාලනයක් ආවත් ප්‍රධානියා මමයි

තමන්ට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවක් ප්‍රකාශ කරන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් පමණක් නිසා එය එතරම් ගණන් ගත යුත්තක් නොවන බවත් බහුතරයක් එවැන්නක් නොපවසන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.එමෙන්ම අග්‍රාමාත්‍යවරයා ඉවත් වී නව කැබිනට් මණ්ඩලයක් සමග අන්තර්වාර පාලනයක් ස්ථාපිත කළ යුතු බවට ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිස් සිදුකරන ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති සහිත පක්ෂ සියල්ල එකතු වී එවැනි අන්තර් පාලනයක් නිර්මාණය කිරීම ප්‍රායෝගික කටයුත්තක් නොවන හෙයින් කවර හෝ අන්තර් පාලනයක් නිර්මාණය කරන්නේ නම් එය කළ යුතුව ඇත්තේ තමන්ගේ ප්‍රධානත්වයෙන් බවයි.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා තිබුණේ අද (22) උදෑසන මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

කාලීන පුවත්