අද(05)දවස විදුලිය කප්පාදු කිරීමකින් තොරව හෝ අඩුම වශයෙන් අවම කාලයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කළ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. දකුණු පළාත සදහා පැය 7 ක කාලයකුත් සෙසු පළාත් සදහා පැය 4 ක කාලයකුත් විදුලිය කප්පාදු කරන ලෙස විදුලිබල මණ්ඩලය කොමිසමෙන් ඉල්ලිීම් කර තිබුණි. කරුණු සලකා බලා ඊට අවස්ථාව ලබාදුන්න ද පසුව රජය දුන් උපදෙස් අනුව මෙම තීරණයට එළඹී බව සභාපති වරයා කියයි. එමෙන්ම විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන සංචිත මේ වනවිට බලාගාර වෙත ලැබෙමින් පවතින බව ද හෙතෙම කීය.